TIN අංකය සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:TIN අංකය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රචාරය වෙමින් පවතින අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් රජය දැනුවත් කිරීමක් සිදුකර තිබේ.

ඒ අනුව TIN අංකය නොමැති වුවත්, වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම සහ නව බැංකු ගිණුම් විවෘත කිරීම සඳහා විශේෂ පහසුකම් සපයා දී තිබේ.

ඔබ සතුව TIN සහතිකයක් නොමැති වුවත්, ඔබගේ TIN අංකය දන්නේ නම් එය ඉදිරිපත් කරන්න.
ඔබ සතුව TIN අංකයක් නොමැති නම්, TIN අංකයක් සකස් කර ගැනීමට අවශ්‍ය මූලික තොරතුරු එනම් ජාතික හැඳුනුම්පත් අංකය, නම, ලිපිනය, දුරකතනඅංකය සහ විද්‍යුත් තැපැල් ලිපිනය අදාළ ආයතන වෙත ඉදිරිපත් කර ඔබට මෙම සේවාවන් ලබාගත හැකිය.
TIN සහතිකය ඉදිරිපත් කළ නොහැකි වූ පමණින් එම සේවාවන් ප්‍රමාද කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු නොකෙරේ.

TIN සහතිකය අනිවාර්ය වන්නේ විශේෂිත ගනුදෙනු 8 කට පමණයි!
නොවැම්බර් 01 දින සිට පහත සඳහන් ගනුදෙනු 8 සඳහා පමණක් TIN සහතිකය අනිවාර්ය කර ඇත.
1️⃣ බැංකුවක හෝ මූල්‍ය ආයතනයක නව ගිණුමක් විවෘත කිරීම. (TIN සහතිකය නොමැතිව වුවද ඔබගේ මූලික තොරතුරු ආයතනයට ලබා දී, අවශ්‍ය සේවාව ලබාගත හැකියි.)
2️⃣ මෝටර් රථ ආදායම් බලපත්‍රය අලුත් කිරීම. (TIN සහතිකය නොමැතිව වුවද ඔබගේ මූලික තොරතුරු ආයතනයට ලබා දී, අවශ්‍ය සේවාව ලබාගත හැකියි.)
3️⃣ ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාගැනීම.
4️⃣ ගොඩනැගිලි සැලැස්මක් අනුමත කරගැනීම.
5️⃣ මෝටර් රථයක් ලියාපදිංචි කිරීම.
6️⃣ ඉඩමක් හෝ ඉඩම් හිමිකමක් ලියාපදිංචි කිරීම.
7️⃣ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම.
8️⃣ සමාගමක කොටස් පැවරීම.

විශේෂ දැනුවත් කිරීම
බැංකු ගිණුමක් විවෘත කිරීම සහ මෝටර් රථ ආදායම් බලපත්‍රය අලුත් කිරීම සඳහා TIN සහතිකය නොමැතිව වුවද ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය, නම, ලිපිනය, දුරකතන අංකය සහ විද්‍යුත් තැපැල් ලිපිනය යන මූලික තොරතුරු අදාළ ආයතනයට ලබා දී අවශ්‍ය සේවාව ලබාගත හැකිය. අනෙකුත් අවස්ථා සඳහා TIN සහතිකය ඉදිරිපත් කිරීම අවශ්‍ය වන අතර පහත කරුණු පිළිබඳව ඔබගේ අවධානය යොමු කරනු ලැබේ.

TIN සහතිකය යනු පද්ධතිය මඟින් ජනනය කරන ලද්දක් (System-generated) වන බැවින්, එහි ඡායා පිටපතක් (Hard copy) හෝ මෘදු පිටපතක් (Soft copy) අදාළ කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම වලංගු වේ.

අත්සන් හා මුද්‍රා අවශ්‍ය නොවන අතර මෙම සහතිකයේ Emboss කරන ලද සීල් එකක්, වෙනත් මුද්‍රාවක් හෝ නිලධාරියෙකුගේ අත්සනක් අවශ්‍ය වන්නේ නැත. “සත්‍ය පිටපතක්” ලෙස සහතික කිරීම ද අවශ්‍ය නොවේ.

වයස 18 සම්පූර්ණ වූ පමණින් බදු ගෙවිය යුතුද?

නීතිය අනුව වයස 18 සම්පූර්ණ වූ සියලුම වාසික පුද්ගලයන් TIN අංකයක් ලබාගත යුතු වුවත්, TIN අංකයක් තිබූ පමණින් බදු ගෙවීමට බැඳීමක් ඇති නොවේ.
💡 බදු ගෙවීමේ වගකීම ඇතිවන්නේ නීතියෙන් නියම කර ඇති වාර්ෂික ආදායම් සීමාව (රුපියල් ලක්ෂ 18) ඉක්මවන පුද්ගලයන්ට පමණි.
TIN අංකය යනු හඳුනාගැනීමේ අංකයක් පමණි.

TIN අංකයක් ලබාගැනීම පිළිබඳ දැනුවත් කිරීම
ඉහත අවශ්‍යතාවයන් පවතින අය පමණක් මෙම අවස්ථාවේ TIN ලබා ගන්නා ලෙස ද TIN අංකය මේ අවස්ථාවේ අවශ්‍ය නොවන අය වෙබ් අඩවියේ සහ දෙපාර්තමේන්තුවේ පවතින තදබදය අවම වූ විට පැමිණ හෝ පද්ධතිය හරහා TIN ලබා ගන්නා ලෙස දැනුවත් කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි දැන් බලන් ඉන්නෙ තුන්වෙනි අයවැයේදී ජනාධිපතිතුමා කොච්චර පච කියනවද කියලා ගණන් කරන්න – නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ආවේ ජාතික හැඳුනුම්පතේ ඉඳන් ඩිජිටලයිස් කරනවා කියලා. හැබැයි...

රිදී විහාරය විදේශීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය වෙයි!

කොළඹ LNW:කුරුණෑගල ඓතිහාසික රිදී විහාරය විදේශීය සංචාරක ගමනාන්තයක් බවට...

රුපියල් මිලියන 23,000ක ප්‍රතිපාදන සමඟ ව්‍යාපෘති 15,554ක් – ”ප්‍රජා ශක්ති” ප්‍රගති වාර්තාව මෙන්න!

කොළඹ LNW:වර්තමාන රජයේ ප්‍රමුඛ අරමුණක් වන දිළිඳුකම තුරන් කිරීමේ...

ඉන්ධන සහනය සහ අස්වැසුම ප්‍රතිලාභීන් වෙත අතිරේක සහන දෙන්න බිලියන 47ක පරිපූරක ඇස්තමේන්තුවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්ධන මිල ඉහළ යාමෙන් ජනතාවට ඇතිවන බලපෑම...