මාලිමාවට බලය හිමි තණමල්විල සභාවේත් අයවැය පරදී

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයට බලය හිමි තණමල්විල ප්‍රාදේශීය සභාවේ 2027 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය පරාජයට පත්ව තිබේ.

ඊයේ (04) දිනයේදී පැවති ඡන්ද විමසීමේදී එම අයවැයට විරුද්ධව ඡන්ද 17ක් ලැබී තිබුණු අතර ඊට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 14ක් පමණි.

තණමල්විල ප්‍රාදේශී‍ය සභාවේ ජාතික ජන බලවේගයට මන්ත්‍රී ආසන 16ක් හිමිව ඇති අතර සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයට ආසන 18ක් හිමිව ඇත.

ඊයේ පැවති ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අසනීප හේතුවෙන් සභාවට පැමිණ නොසිටි අතර විපක්ෂයේ එක් මන්ත්‍රීවරයකු ද පැමිණ සිටියේ නැත. එමෙන්ම සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති මන්ත්‍රීවරියක් ද ඊයේ දිනයේදී සභාවට පැමිණ නොසිටි බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරණීය හඬ එච්.ආර්. ජෝතිපාලයන්ගේ අසාමාන්‍ය ජීවිත කතාව: “ජෝති” චිත්‍රපටය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සදාස්මරණීය ගායනවේදී...

ගුවන් හමුදා ඩ්‍රෝන පද්ධතිය සඳහා රු. බි. 4.26ක අතිරේක ඇස්තමේන්තුවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: පාර්ලිමේන්තු කථානායක ආචාර්ය ජගත්...

බාල ඖෂධ ගෙන්වීම: කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩු විභාගය අවසන් – ලිඛිත හා වාචික දේශනා කැඳවයි!

කොළඹ LNW:ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ...

දික්ඕවිට වරායට ගෙනා නෞකාවේ අයිස් සහ හෙරොයින් කිලෝ 150කට අධික ප්‍රමාණයක් සොයා ගනී!

කොළඹ LNW:නාවික හමුදාව සහ බුද්ධි අංශ එක්ව සිදුකළ වැටලීමකින්...