ඖෂධ හිගය ගැන සෞඛ්‍ය ඇමති වාර්තාවක් ඉල්ලයි

Date:

රට පුරා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 80 ක පමණ හිගයක් ඇතිවීමට නියමිත බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පසුගියදා අනාවරණය කළේය. සෞඛ්‍ය අමාත්‍යංශයේ නොසැලකිල්ල සහ ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් මෙවැනි අර්බුදයක් මතුව ඇති බවයි ඔහු සඳහන් කළේ.

2022 වසර සඳහා අවශ්‍ය ඖෂධ ආනයනය කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 40 ක් අවශ්‍ය වන නමුත් මේ වනවිට රජය ලබාදීමට එකඟ වී තිබෙන්නේ ඩොලර් මිලියන 05 ක් ලබාදීමට පමණක් බවත් පෙන්වා දෙන රවී කුමුදේශ් මහතා පවසන්නේ එම මුදල එක් ඖෂධ වර්ගයකට හෝ ප්‍රමාණවත් නොවන බවයි.

ඖෂධ හිගයක් සම්බන්ධයෙන් පළවන වාර්තා සැළකිල්ලට ගනිමින් මෙම වසරේ පළමු කාර්තු දෙක සඳහා අවශ්‍ය ඖෂධ පිළිබඳව පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය බළධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙරටට ඖෂධ ආනයනය කරන රටවල්හි එම ඖෂධ පිළිබද තොරතුරුද, රට තුළ නිෂ්පාදනය කරන ඖෂධ සම්බන්ධයෙන්ද අදාළ තොරතුරු ලබාදෙන ලෙස ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළබඳ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායකට මෙහිදී උපදෙස් ලබා දී තිබේ.

කුමන අර්බුදයක් පැවතියද ජනතාවට අවශ්‍ය ඖෂධ හිගයකින් තොරව සැපයීම සිය අමාත්‍යංශයේ වගකීමක් බවත් ඊට ප්‍රමුඛතාවය ලබාදීම සඳහා ආණ්ඩුව කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...