*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

කුවේට් ප්‍රතිපලය අටෙන් පහයි

සිව්වැනි අවුරුදු 18 න් පහළ ආසියාතික යොවුන් තරගාවලිය නිමාවේ ශ්‍රී ලංකාවේ පදක්කම් සටහන දැක් වුණේ රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් දෙකක් හැටියටය.සමස්ත පදක්කම් එකතුව 5 ක් විය.තරගාවලියට සහභාගි වූ කණ්ඩායම අටකි.ඒ අනුව සහභාගි වූ අටෙන් පහක්ම පදක්කම්ලාභීන් වීම යනු යහපත් ප්‍රතිපලයකි.

මෙවැනි වාර්තාවීම් ඉතිහාසය ගත් විට කෙතරම් ද?නමුත් ඒ දක්ෂයන්ගේ වර්ථමානයේ නැත්තේ ඇයි යන්න පිළිබඳව විමසා බැලීමට මේ මොහොත අතිශයින් වැදගත්ය.නමුත් අවාසනාවට ක්‍රීඩා අමාත්‍යංශයේ ඇත්තේ නො’නිල කට කතා අංශ මිස පර්යේෂණ අංශ නොවේය.ඒ නිසා වැඩ පටන් ගන්න මේ මොහොත හොඳ අවස්ථාවක්ය.ආසන්නම ඉතිහාසයට හෝ ගොස් සෙවීම ආරම්භ කළ හැකිය.ඒවා ඇත්ත හේතුත් එක්ක සකස්විය යුතුය.මෙවර තරගාවලියේ අපට අත හැරුණු ආසන්නම රන් පදක්කම තිබෙන්නේ මීටර් 400 ඉසව්වේය.එහි මූලික තරග නිමාවේ ශ්‍රී ලංකාවේ ප්‍රවින් ජයතිලක සහ අවිශ්ක තේමින්ද පිළිවෙලින් පළමු හා දෙවන තැන් හි සිටියත් අවසාන ප්‍රතිපලයේ දී ඔවුන් රිදි සහ ලෝකඩවලින් නැවතුණේ තත්පර දශම ගණනක පරතරයෙන්ය.ඒ නිසා ප්‍රවීන් සහ අවිශ්ක මේ තරගාවලියේ ශ්‍රී ලංකාව නෙලා ගත් රත්තරන් තරමට සැළකිල්ලෙන් රැක ගත යුතුය.

තරගාවලිට හැම රටකටම පොදු කාලගුණික සහ දේශගුනික තත්ත්වයන් යටතේ පැවතුණු බව ඇත්තය.මේ තත්ත්වය අප පෙර සිටද දන්න ඇත්තක් ද වේ.නමුත් ඊට ගැලපෙන තැනෙක සියලු පහසුකම් සමඟ සංචිත ගත කරන්නට අපේ රටට වත්කමක් නැත.රට ඇතුළත තැනක් නැත.ඉතාලියේ ක්‍රීඩා පහසුකම් දැක පැමිණ ඇති වත්මන් ක්‍රීඩා ඇමතිතුමා රටේ තියෙන කෝටි ගණන් යට කළ බව කියන ක්‍රීඩා සම්පත් දෙස බලා ඉද්දී දැනටමත් ඒවා සමඟ කොච්චර සෙල්ලම් වෙන්න ඇද්දැයි ක්‍රීඩා අමතිවරයාට අවබෝධ වී තිබෙන්නට පුළුවන.නමුත් යොවුන් ක්‍රීඩක ක්‍රීඩකාවන් ඇතැම් අවස්ථාවල සෙල්සියස් අංශක 37 ක් පමණ වන උෂ්නත්වයේ ක්‍රීඩා කළ බව ඇත්තක්ය. එය නුහුරු බව සහ එය පීඩාවක් වූ බව ද ඇත්තක්ය.

රිදී පදක්කම්ලාභි දෙනෙත් අනුහස් මෙන්ම එම උස පැනීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම්ලාභි ලෙසඳු අර්ථවිදු ද හෙට දවසට ආයෝජනය.කසුනි නිර්මාලි මීටර් 800 රිදී පදක්කම දිනා ගත්තාය.පදක්කම් අතරට නොපැමිණි විට ක්‍රීඩක ජීවිත අහවර කිරීමට කටයුතු යොදීම අවධානය යොමු නොකිරීම අපේ රටේ සාමාන්‍ය දෙයක්ය.පැවති තත්ත්වයන්ට සාපේක්ෂව යම් යම් පසුබෑම් සමඟ නෙත්මිකා මධුෂානි (දුර පැනීම),සිතුලි සාදිත්‍යා (උස පැනීම) සහ රෂ්වින් කරීම් (දුර පැනීම) මේ කණ්ඩායමේ පදක්කම් හිමි නොවූ ක්‍රීඩකයින්ද මේ මොහොතේ ඒ වයස් ඛාණ්ඩායේ රටේ අංක එකට සිටින ආසියානු තරග සඳහා වන පරිෂාධනය ඉක්මවා කටයුතු කළෝය.එය අමතක නොකිරිම වැදගත්ය.ඒ මොහොතට අදාළව තමන්ගේ උපරිමයට ඒමට නොහැකි වූ මොවුන්ට එසේ කළ හැකිව තිබුණේ නම් අද ඔවුන් ගැන කතා කරන්නට වන්නේද පදක්කම්ලාභින් හැටියට යන්න සිහි තබා ගැනීම වැදගත්ය.

පාසල් මලල ක්‍රීඩකයින් සහභාගි වන ඉසව්වලදී කළමණාකාරීත්වය ක්‍රීඩා අමාත්‍යංශය සහ මලල ක්‍රීඩා සංගමයට අවශ්‍යය පරිදි සාකච්ඡා කර වෙනස් කළාට කම් නැත.නමුත් පුහුණුකරු සහ කාන්තා නිලධාරිණිය පත් කිරීමේදී එය පාසල් මලල ක්‍රීඩා සංගමයට සහ අධ්‍යාපන අමාත්‍යංශයට සුදුසු පරිදි නිර්දේශ කරන්නට ඉඩ දීම වැදගත්ය.රටේ අධ්‍යාපන සම්බන්ධයෙන් වන පොදු නීති රාමුවට අවනතව එසේ කටයුතු කරන්නට ඉඩ දුන්නේනම් මෙම තරගාවලියේ රිදි පදක්කම්ලාභියෙක් වූ දෙනෙත් අනුහස්ව පුහුණු කරන නිලූකා සේනාරත්නත්,ලෝකඩ පදක්කම්ලාභී අශ්වින් තේමින්ද පුහුණු කරන සුනේත්‍රා කරුණානායකත් වුණි.

කණ්ඩායම පැමිණි පසු මලල ක්‍රීඩා සංගමය මේ ක්‍රීඩකයින් ගැන සොයන හැටිත්,ඒ සෙවීම ක්‍රීඩා අමාත්‍යංශයේ අධික්ෂණයට ලක්වන හැටිත් අපි බලා සිටින්නෙමු.යාන්තමට සාමාන්‍ය පෙළ සමත් කර හමුදා අණු ඛන්ඩයකට සම්බන්ධ කරගෙන වැටුපක් දීම මෙම ක්‍රමවේදය විය යුතු නැත.ඔවුන් ක්‍රීඩකයින්ය.අඩුම තරමේ ක්‍රීඩාව ගැන ඉගෙන ගන්න විද්‍යාණුකූල පරිසරයක් මුල සටම මොවුන්ට තිබිය යුතුය.බොහෝ අය දිව්ව නිසා පැන්න නිසා පුහුණුකරුවන් වෙන සංස්කෘතිය වෙනුවට සිරුර ගැන දැණුම අවබෝධයද සහිතව පුහුණුකරු දැණුම ඉගෙන පුහුණුකරුවන් වීමටවත් අඩුම තරමේ මාර්ගයක් සැකසෙන වැඩ පිළිවෙලක් ජාතික මට්ටමෙන් දක්ෂතා දක්වන කුඩා අවදියේ සිට රට නියෝජනයට සුදුසුකම් ලබන ක්‍රීඩකයින්ට හිමි විය යුතුය.

ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩාව හදාරමින් සිටින බව අපි විශ්වාස කරන්නෙමු.දැන් ඔහුට නිශ්චිත දේශපාලන න්‍යාය පත්‍රයකින් තොරව රටේ ක්‍රීඩාවට වැඩක් කරන්නට අදහසක් පහළ වෙන්නේනම් මේ ඒ සඳහා පිවිසුම සාදා ගැනීමට හොඳ අවස්ථාවක්ය.ක්‍රීඩා අමාත්‍යංශයේ හණ මිටි පසෙකින් තබා අලුත් ලෝකය සමඟ ගණුදෙනු කරන්නට හැදුණ පාරේ මදක් විමසිල්ලෙන් බලන විට ඔබට කළ යුතු දේ පෙණෙනු ඇතැයි අපි ක්‍රිඩා අමාත්‍යවරයාට කියමු. රට රකින වැඩේ මේ පොඩ්ඩන්ගෙන් පිළිවෙලකට අරඹමු.!
මේ සමඟ ඇත්තේ ජාත්‍යන්තරයට මුදා හරින ලද ක්‍රීඩා උළෙල සම්බන්ධ ඡායාරූප ගොන්නේ තිබුණ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටින ඡායාරූපයි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan