කොළඹ LNW:සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය මාස නමයක කාලය තුළ ඩොලර් මිලියන 417 ක ලාභයක් උපයා ඇති බ, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.
ඊට අමතරව, පිරිපහදුව සක්‍රීය කිරීම මගින්, රටින් පිටතට ඇදී යාමට තිබුණු ඩොලර් බිලියනයකට වඩා වැඩි විදේශ විනිමයක් රට තුළ රදවා ගැනීමට හැකි වූ බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ.
එමෙන්ම, වසර අවසන් වන විට, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 28 ත් 30 ත් අතර අගයක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කරයි.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වස දැමීමට නියමිතව පැවති ආයතනකි.


