අද (2022 ඔක්තෝබර් 17) කාල් කෞට්ස්කි ගේ 84 වැනි මරණ අනුස්මරණයයි.
අද චෙක් ජනරජයේ ප්‍රාග් නුවර එවකට බොහිමියාවේ කාල් කෞට්ස්කි උපත ලැබූ අතර ඔහු මියගියේ නෙදර්ලන්ත අගනුවර වූ ඇම්ස්ටෙර්ඩාම් වලදීය.මාක්ස්වාදයේ සුප්‍රසිද්ධ න්‍යාය ධරයෙක්වන කෞට්ස්කි ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා විය.1895දී ෆෙඩ්රික් එංගල්ස් ගේ අභාවයෙන් පසුව ජර්මානු මාක්ස්වාදයේ බුද්ධිමය සහ දේශපාලන හෘදශාක්ෂියේ කාර්‍යභාරය හිමිකරගත්තේ කෞට්ස්කි විසිනි.
කෞට්ස්කි එංගල්ස් ගේ මරණය දක්වාම ඉතාමත් සමීප සම්බ්නධතාවයක් පවත්වා ගනු ලැබිය.
1891 එර්ෆුට් වැඩ පිළිවෙල ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පිලි ලිගත් අතර එහිදී රෝසා ලක්සේම්බර්ග් ඉදරිපත් කල රැඩිකල්වාදය මෙන්ම එඩ්වර්ඩ් බර්න්ස්ටින් ඉදිරිපත් කල පරිණාමවාදී සමාජවාදී න්‍යායන කෞට්ස්කි විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
1917 රුසියාවේ ඔක්තෝබර් විප්ලවයට කෞට්ස්කි සිය දැඩි විරුධදත්වය පලකරනු ලැබිය.ඔහු මුලදී බර්න්ස්ටින් ගේ ප්‍රතිසන්කරනවාදී න්‍යායන්ට විරෝධය දැක්වූ නමුත් ප්‍රචණ්ඩකාරී බෝල්ෂෙවික් විප්ලවය ට විරුද්ධ විය.එමෙන්ම ‘සුළුතර සමාජවාදී ආඥාදායකත්වයට’ ද විරුද්ධ විය.
ලෙනින් විසින් දැඩි න්‍යායික ප්‍රහාරයක් කෞට්ස්කිට එරෙහිව එල්ල කල අතර කෞට්ස්කි ද්‍රෝහියෙකු ලෙස හඳුන්වා දීමට ද ලෙනින් පසු බට නොවිය. ලෙනින් රචනා කල ‘නිර්ධන පංති විප්ලවය සහ ද්‍රෝහී කෞට්ස්කි’නම් න්‍යායික සංග්‍රහයේ මේ න්‍යායික ප්‍රහාරය ලෙනින් එල්ල කරනු ලබයි.
ලෙනින් කෞට්ස්කි ගේ දේශපාලන ස්ථාවරය දැඩි ලෙස විවේචනය කරමින් කියා සිටියේ කෞට්ස්කි ගේ කෘතීන් මාක්ස්වාදයේ ආකෘති ලෙසින් පවතින බවත් ඒවා අධ්‍යනය කල යුතු බවත්ය.
කෞට්ස්කි ගේ න්‍යායික පැහැදිලි කිරීම් ඔහු කොමියුනිස්ට් ප්‍රකාශනය යේ දේශපාලන වටිනාකම පෙන්වාදීමට ගත් උත්සාහයෙන් පෙනී යයි. ‘කොමියුනිස්ට් ප්‍රකාශනය කොතරම් දුරට යල් පැනගොස් ඇත්ද? (1904)’ යන්නෙහි ඔහු මෙසේ පැවසිය.
“සමස්ත කොමියුනිස්ට් ප්‍රකාශනයම සරලවම ඓතිහාසික ප්‍රකාශනයක් ලෙස හුවා දැක්වීමට වඩා වැඩි වැරද්දක් තවත් නැති තරම්ය .එයට ප්‍රතිවිරුධව, වෙන කිසිමදකටත් වඩා එයින් වර්ධනය කරනලද මුල ධර්මයන් එය අපට මග පෙන්වන ක්‍රමය,ධනවාදයේ නිෂ්පාදන මාදිලියේ සවභාවය පිළිබඳව උදාහරණයන් කිහිපයක් මගින් අපට ලබාදීමෙන් දිනෙන් දින වෙන කවරදවකටත් වඩා එය වලංගු වෙයි.සමස්ත සැබෑ සංවර්ධය මෙන්ම සමස්ත න්‍යායික සුපරික්ෂාව ප්‍රකාශනය සකස් කිරීමෙන් පසුව එහි මුලික සංකල්පයන් සහතික කිරීමේ අඛණ්ඩ වූ රේඛාවක් මිස වෙන යමක් නොවේ.දැනට පවත්නා(ශිෂ්ඨ සම්පන්න රටවල) සමාජයේ ඉතිහාසය පන්ති සටන්වල ඉතිහාසය බවට වඩා විශ්වීය වූ මුලධර්මය වෙන කවරදාකටවත් වඩා පිලි ගැනුනි.අපේ කාලයේ මහා චාලක බලවේගය නිර්ධන පන්තිය සහ ධනපති පංතිය අතර වෙන පංති යුද්ධය බව වෙන කිසි දිනකටත් වඩා පැහැදිලි ලෙස විද්‍යාමන වෙයි”
මේ ප්‍රශ්නය නැවත අදටත් සාකච්චා කිරීම වැදගත්ය.
~ දයාපාල තිරාණගම
RN