*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

දලායි ගේ නැටුම ඉවර වෙන්නේ කාගේ පදයට ද

ලංකාවෙ රගර් එක්ක ආසියාව උරණ වෙලා ඉන්නෙ ඇයි කියන ප්‍රශ්ණයට හරි උත්තරයක් නැහැ.හැබැයි ජාත්‍යන්තර ඔල්මිපික් කමිටුවට වග කියන සංගමයක් හැටියට ප්‍රාදේශීය සංගමයකට එසේ හැසිරෙන්න ඉඩක් නැහැ කියන එක මේ වන විට ශ්‍රී ලංකාවෙ ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් ටිකක් තිත්තට කියලා තියෙන බව ආරංචියි.ඒ වගෙම කීඩා අමාත්‍යවරයාත් මේ සම්බන්ධයෙන් ආසියානු සම්මේලනයෙ සභාපතිවරයාව හමුවෙලාම කතා කරා.දැන් ටිකක් රෙද්ද ලිහිලා.එක අතකින් අල්ලගෙන ඉන්න ගමන් එයා දැන් කියන්නෙ ආසියානු තරගවලට ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව හරහා එන්න කියලා.

මේ තත්ත්වයට මඟ පෑදෙන්නෙ කොහොමද?මෙවර පත් වූ නිල මඩුල්ලට පෙර පත්වෙන නිල මඩුල්ල පත්වීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවක් නිසා.ඒ චෝදනාවට රග්බි සම්මේලනය එවකට හිටිය ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාට පිළිතුරු යවනවා.එතනින් පස්සෙ ඒක නිවැරදි වෙන්න ඕනි විදිහ කියන්නෙවත්,නිවැරදියි කියන්නෙවත්,වැරදියි කියන්නෙවත් නැතුව කාලයක් තිස්සෙ ඒ ගැනම ප්‍රශ්න කරමින් ඉදලා,නිතිපති උපදෙස් ගන්න බවත් කියලා,ඒ උපදෙස් කිසිවක් නැතුව ශ්‍රී ලංකා රග්බි පරිපාලනයට තහනම් නියෝගයක් ගේනවා.ඒ නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා.නමුත් ඒ තත්ත්වය උසාවිය හමුවට ගිහිං නිවැරදි කරගෙන ආපු රග්බි පරිපාලනය උසාවියේ අවසරය ඇතිව වැඩ කරනවා.පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියටත් ආසියාව නියෝජනය කරමින් සහභාගි වෙනවා.නිලවරණය තියලා අලුත් පරිපාලනයක් හැටියට වැඩත් ආරම්භ කරනවා.
මේ සියල්ල සිද්ධවෙන්නෙ රටේ නීතියට අනුවයි.ආසියානු සම්මේලනය රටේ නීතියෙන් අවසරය ඇතුව වැඩ කරන සංගමයක් පිළිගන්නෙ නැහැ කියන්නෙ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක්.කළාපීය ක්‍රීඩා සංගමයකට ඒ රටේ නීතියෙන් අවසරයවැඩ කරන්න ලැබුණ සංගමයක්,ඒ රටේ නිතියෙන් පනවපු, මේ වන විට තාවකාලිකව ඉවත් වී තිබෙන ඒ නීතියට පිටින් ගිහිං කළාපීය සංගමයක් වැඩ කරනවා කියන්නෙ ඔවුන්ගේ සාමාජික රටක පවත්නා නීතියට පසුපස හැරවීමක්.ඒක ඉතාම සරළයි.

තව විදිහකට ආසියානු රග්බි සම්මේලනය ජාත්‍යන්තර රග්බි සම්මේලනයේ සාමාජිකයෙක්.ජාත්‍යන්තර රග්බි සම්මේලනය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජිකයෙක්.මේ සංගම් දෙකම ශ්‍රී ලංකාවේ රග්බි සමඟ විරුද්ධ නැහැ.ඔවුන් වැඩ කරනවා.විශේෂයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් සම්මේලනයට වග කියන ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කවායිස් අල් -දලායි හට මේ ගැන පවසනවා.ඔවුන් ජාත්‍යන්තර ඔලිම්පික් කවුන්සිලය (IOC) යටතේ ඇති කිසිදු ක්‍රීඩාවක කලාපීය පාලන ආයතනයකට ජාත්‍යන්තර ඔලිම්පික් කවුන්සිලය (IOC) යටතේ ඇති කිසිදු ක්‍රීඩාවක කලාපීය පාලන ආයතනයකට අත තබමින් ජාතියක ක්‍රීඩාවට හරස් වෙන්නට ඉඩ නැති බව අවධාරණය කරනවා.මේ මතය පැවසෙන්නේ ආසියානු ඔලිම්පික් සම්මේලනය නියෝජනය කරන රටවල් ඉදිරිපිට නිසා අනියමින් එයින් හැඟවෙන්නේ ආසියානු ඔලිම්පික් කමිටුව ද ශ්‍රී ලංකාවේ රගර් ප්‍රශ්නයක් කරගෙන නැති බවයි.

ආසියානු සම්මේලනයේ සභාපතිවරයා නියෝජනය කරන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය.ඔහු රග්ර් ක්‍රීඩා නොකරාට ඊට ආදරය දක්වන්නෙක්.නමුත් ක්‍රීඩාවේ තාක්ෂණය සහ උණුසුම පිටිය තුළ විඳ නැති නිසා ඔහු විසින් වගකීම් පවරා යටතේ ඒවා මොහයවන්න තියාගෙන සිටින පිරිස් මේ තත්ත්වය ගැන නොකීම නිසා ඔහු ඔහුගේ ක්‍රීඩා පරිපාලන ජීවිතයම අඳුරට රැඟෙන යමින් සිටින බව කිව හැකියි.2009 ඇරඹෙන එමීර් රාජ්‍යයේ රග්බි පරිපාලනයට වඩා ආසියාවේ වැඩිමහල්ම අයියා කෙනෙක් වන ශ්‍රී ලංකාව ඒ ඇරඹීද කර තිබෙන්නේ 1908 දී.වසර 100 ට වඩා පැරණි අයියට ගහලා විරසකය පියවගන්න හදන පොඩි දරුවෙක් වගේ හැසිරෙන හිතුවක්කාර ආසියානු රග්බි සම්මේලන සභාපතිවරයාට ආසියානු රග්බි මුහුණු පොත හරහා ත් එහි මැසෙන්ජර් හරහාත් අප පහත සඳහන් ප්‍රශ්න ඉදිරිපත් කරා.

*ඔබ අපේ රටේ නිතියට ගරු කරන්නෙ නැත්තෙ ඇයි?
*රටක නීතියෙන් වැඩ කරන්න අවසර දී තිබෙන ක්‍රීඩා සංගමයකට එරෙහිව ජාත්‍යන්තර රග්බි සම්මේලනය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වැඩ කරන්න අවසර දෙනවානම් ආසියානු සංගමය විසින් තහනම් කිරීම සාධාරණද?ඒ හැකියාව ඔබට ලැබෙන්නේ කෙසේද?
*ඔබ අසළින්ම ලාංකිකයන් කිහිප දෙනෙක් සිටින බව අපි දනිමු.මේ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ඔබ විමසා බලන්නේ නැද්ද?

*ඔවුන් මීට පෙර වගකීම් දැරූ,මේ වන විට රග්බි සමාජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන පිරිස් නිසා නිලවරණයකට ඉදිරිපත්වීමට හෝ කැමත්ත දිනා ගැනීමට අපොහොසත් වූ අය වේ.
*එවැනි අය ඔබගේ මතය අනුමත කරමින් තමන්ගේ රටේ ක්‍රීඩාවට බාධා ඇති කරනවා ද?
*එසේනම් ඔවුන් උපන් රටට එරෙහිව කරන දේ ඔබට කරනු ඇතැයි සිතෙන්නේ නැද්ද?
මීට අමතරව රටේ ක්‍රීඩා අමාත්‍යවරයාත් මේ ගැන ආසියානු සම්මේලන සභාපතිවරයාට එරෙහිව කතා කරා.ඒ ඔහුව හමුවෙන්නටම ගොස්.නමුත් සභාපතිවරයා නම්‍යශීලීවීමේ තත්ත්වයක් පෙන්වන්නේ අර්ධ වශයෙන්.
මෙහිදී වැදගත්ම දේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්ම මේ සභාපතිවරයා සමඟ ආසියානු රග්බි පරිපාලන දේහය තුළ රැදී සිටීමයි.ඒ අසංග සෙනවිරත්න සහ ඩිල්රෝයි ප්‍රනාන්දුයි.මේ දෙදෙනාම රටේ නීතියට පිටින් ආසියානු රග්බි සම්මේලනය කටයුතු කිරීම ගැන තවම තමන්ගේ සීමාවේ සිට ආසියානු රග්බි සම්මේලනයට කරුණු දක්වා නැහැ.තමන් උඵන් රටේ නීතිය අනුව ඇති අවසරයට සළකන්න.අපේ රටේ නීතිය නොසළකා කටයුතු කිරීම වගකිවයුතු ලාංකික පුරවැසියන් සේ අප අනුමත කරන්නේ නැහැ යනුවෙන් ඔවුන් ආසියානු රග්බි සම්මේලනයේ බලධාරීන් ඉදිරියේ පවසා නැහැ.

මේ අතරින් අසංග හිටපු සභාපතිවරයා ද වන අතර වත්මන් සභාපතිවරයා සමඟ ද සටනට ඒමට සූදානම් වුවත් පසුව තරගයෙන් ඉවත් වුණා.මේ වසරේත් යම් යම් කොටස් තරගයට ඉදිරිපත් වන්නට උත්සාහ කළත් ඔවුන්ට නාම යෝජනා දෙන්නට ක්‍රීඩා සමාජයක් සොයා ගැනීමේ ගැටළුව නිසා තරගයට නොපැමිණි බව වාර්තා වුණා.
අසංග තනතුරෙන් බැස යන විට රග්බි පරිපාලනයට තිබූ ණය මිලියන 36 ක්.එහිදී තිබුණු යම් යම් අනුග්‍රහ සමබන්ධ වගන්ති අනාගතයට වැදගත්පරිදි වර්ථමාන පරිපාලනය විසින් වෙනස් කර පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය වැනි ඉසව් සඳහා නව ආකාරයක වැඩ සටහන් මඟින් සූදානම් වන්නට මුදල් ද හොයා ගනිමින් ණය මුදලද අඩු කර ගන්නට සමත් වී සිටිනවා.

ඒ නිලධාරින්ගේ කැරට්ටු පසෙකට දමා රගර් ගැන හිතන විට ආසියාව නියෝජනය කරන දෙදෙනා ශ්‍රී ලංකා රගර් තහනමට උදව් කරන්නේද යන ගැටළුවන මතුවීම පෘතග්ජන මිනිසෙකුගේ ස්වභාවයයි.එසේනම් ඔවුන් තමන්ගේ රටේ තමන්ට ඉහළ වගකීම් හිමි වෙන්න බල පෑ ක්‍රීඩාවටම හානිකර සේ හැසිරෙන්නේනම් වත්මන් සභාපතිවරයාට වඩා තමන්ට යහපතක් සිඳුවන තැනකදී අනිවාර්යෙන් ඔවුන්ගේ තෝරා ගැනීම කවායිස් අල් -දලායි නොවන බව වටහා ගත යුත්තේ දලායි මය.
කෙසේ වෙතත් ආසියානු සම්මේලනයේ සභාපතිවරයා යම් ආකාරයකට මෙල්ල වී තරගාවලියට ශ්‍රී ලංකා ඔලිම්පික් ධජය යටතේ එන්න කීම දක්වා හැරීම යම් ආකාරයක ජයකි.නමුත් රටක් හැටියට රටේ නීතියට ගරු නොකරන උද්ධච්ඡ ලෙස හැසිරෙන කවායිස් අල් -දලායි මෙන්ම ඊට ගරු කරන්නට නොකියන එහි සිටින ලාංකිකයන්ද ජාත්‍යන්තර ක්‍රීඩා සම්මූතීන්වලට එරෙහිව වැඩ කරන්නේනම් ඔවුන්ගේ ගමණට වැටෙන තිරිංග කෙතරම් අමිහිරි වනු ඇද්ද යන්න කල්පනා කළ යුතුය.

වැදගත්ම දේ කවායිස් අල් -දලායි නියෝජනය කරන රටේ රග්බි ක්‍රීඩාවට වඩා ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව සංගම් විදිහට සළකා බැලුවොත් අවුරුදු 99 ක් ක් වැඩිමහල්ය.මල්ලිලාට අයියලාගේ උදව් සහ අත්දැකීම් මඟ පෙන්වීම් අතහැර හොඳ ගමණක් යා නොහැකිය.නමුත් ලංකාවේ රගර් පවුලෙන් හරි අයියා තෝරා ගැනීමට නොහැකි වුණොත් ඇති විය හැකි තත්ත්වය දරුණුය.ලෝකය එක යායකි.එයින් හුදෙකලාව රැඳෙන්නට හෝ දිනන්නට නොහැකිය.බලහත්කාරය,හිතුවක්කාරකම්,අකීකරුකම පාලකයාගේ හොඳ ලක්ෂණ නොවේය.නමණීය මිනිස්සු රමණීය නායකයෝ වෙන බව කවායිස් අල් -දලායි සිහිතබා ගත යුතුය.

කගේ පදයට නැටුම පටන් ගත්තත් ලෝකය අවනත වූ නීතිමය සම්මුති ඇත.ඒ වගේම රටක නීතිය යනු ඒ රටේ අධිකරණ ක්‍රියාවලියේ උත්තරීතරත්වය ප්‍රකාශ කරන සාධකයක් වන අතර කුමන හෝ විදේශ සමූහයක් ඒ රට සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ එරට නීතියට අවනතවය.එරට නීතියෙන් වාරණ නොදැමූ හෝ ක්‍රියාත්මකවීමට අවසර දුන් යම් සංවිධානයක ක්‍රියාකාරීත්වය තහනම් කිරීමට වෙනත් විදේශ සංවිධානයකට හෝ පුද්ගලයෙකුට ලෝක සම්මතයෙන්ම ඉඩ නැත.එය දලායි සභාපතිවරයාට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව,ආසියානු ඔලිම්පික් කමිටුව සහ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව දෙස බලා අවබෝධ කර ගන්නට බුද්ධිය තිබිය යුතුය.

රටක සංස්කෘතියක් ඇතුළත නොපිළිගැනීමක් ඇති දේශපාලන ගොහොරුවේ එරුණු යම් පුද්ගලයන්ට එම සංස්කෘතිය තුළ වගකීමකට සුදුස්සෙක් ලෙස පිළිගැනීමක් නැති වූ අවස්ථාවන් හී දී දේශපාලනමය උර මතට පය තබා උඩ එන්නට දඟළයි ද නැද්ද යන්න ආසියානු රග්බි සභාපතිවරයා අවබෝධ කර ගත යුතුය.තමන්ට වඩා අවුරුදු 99 ක් වයස අයියා කෙනෙක්ගේ නෛතික සහ පිළිගත් දේ සමඟ වැඩ කිරීමෙන් තමන් රැකෙනවාද?රටක් විනාශ කිරීමේ සහ රටක ක්‍රීඩාව විනාශ කිරීමේ චෝදනාවන්ට ඉලක්කය වෙමින් සිටින පිරිස් සමඟ තමන් ද පිරිහීම කරා ගමන් කරනවාද යන්න තීරණය කිරීමේ පෞද්ගලික අයිතිය දැන් ඇත්තේ ආසියානු රග්බි සම්මේලනයේ සභාපතිවරයාට ය.ඒ අයිතිය අනුව තමන්ගේ තීරණයේ පදනම අපි විසින් යොමු කර ඇති ලිපියට පිළිතුරු ලෙස ලබා දෙන්නේනම් එය සාකච්ඡාවට ගත හැකිය.නැත්නම් සභාපතිවරයා අනෙකුන් තමන්ගේ අවශ්‍යයතාවය සපුරා ගන්න ඇමට යොදවන බව සිතුවත්, සිඳුවෙමින් ඇත්තේ ඊට වඩා විශාල යොතකට තමන්ව ඇමක් ලෙස ගැට ගසා තිබීමය.

නායකයා ආදර්ශමත් විය යුතුය.ආඩම්බර නොවිය යුතුය.උඩඟු නොවිය යුතුය.ඇහුං කං දෙන නිරහංකාර පුද්ගලයෙක් විය යුතුය.ආසියානු රගර් සම්මේලනයේ සභාපතිවරයා මෙය තේරුම් නොගන්නේනම් අපට කරන්නට ඇත්තේ උඩඟුකම විනාශයට මුල බව කියන කියමන සිහිපත් කිරීම පමණි.

RM



Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan