නවුෆර් මවුලවි ඇතුළු පිරිසට එරෙහිව ගොනුකළ නඩුව මාර්තු දක්වා කල් යයි

පාස්කු ප්‍රහාරයට අනුබල දීමේ චෝදනාව යටතේ නවුෆර් මවුලවි ඇතුළු සැකකරුවන් 25 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවා තිබිණි.

මෙම නඩුවේ එක් සැකකරුවෙකු චෝදනා පත්‍රය දමිළ භාෂාවෙන් ලබා දෙන්නැයි මීට ඉහත නඩුවාරයේදී ඉල්ලා තිබූ අතර තවත් පිරිසක් චෝදනා පත්‍රය ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දෙන්නැයි ඉල්ලා තිබිණි. කෙසේ නමුත් අද දිනයේදී එම චෝදනා පත්‍ර ඉදිරිපත් කර නොතිබිණි.

ඒ අනුව මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ මාර්තු 03 වැනිදා දක්වා නඩුව කල් තැබීමටයි.

UN