*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

මිය යන මිනිසා බේරාගත් සූකර හදවත නොහොත් ලොව ප්‍රථම සූකර මිනිස් හදවත් බද්ධය

සූකරයන් හෙවත් ඌරන් අප විසින් තවදුරටත් අසූචි බුදින්නන් හෝ රස මසක් සපයන්නන් පමණක් යැයි හෙළා දැකිය යුතු නොවේ.ලෝකයේ පළමු වතාවට මිනිස් – සූකර හදවත් බද්ධයක් මෙයට දින කිහිපයකට පෙර ඇමරිකාවේ මේරිලන්ඩ් හිදී සිදු කෙරිණි.

මෙය සත්ව ඉන්ද්‍රියන් මිනිසුන්ට බද්ධ කිරීමේ වෛද්‍ය ලෝකය තුළ ස්වර්ණමය සැතපුම් කණුවක් ද වන්නේ, මීට පෙර මෙවැනි දේ උත්සාහ කළද,  ස්වභාවයෙන්ම සතුන්‌ගේ ඉන්ද්‍රියයන් ප්‍රතික්ෂේප කිරීමට මිනිස් සිරුර පෙළඹී සිටින නිසා ය.

ජානමය වශයෙන් වැඩි දියුණු කළ සූකර හදවත මෙසේ බද්ධ කරනු ලැබුවේ මේරිලන්ඩ් හි දුර්වල හදවතක් නිසා මිය යමින් සිටි මිනිසෙකුට ය. ඔහු, 57 හැවිරිදි ඩේවිඩ් බෙනට් ය. ඔහුගේ හදවතේ තත්වය අනුව, මිනිස් හදවතක් බද්ධ කළ හැකි තත්වයක ද ඔහු සිටියේ නැත. ඔහු කොහොමටත්, මරණයට නියම වී සිටි මිනිසෙකි.

සැත්කම සඳහා හදවත ලබාගත් සූකරයා ‘ජාන එඩිට් කිරීමකට’ ලක් කළ සතෙකු විය. එමගින් සූකර ලේවල ඇති විශේෂිත සීනි ආකාරයක් ඉවත් කර තිබිණි.

 Factfile on the world’s first transplant of a pig heart into a human. – AFP / AFP

ඇමරිකාවේ United Network for Organ Sharing හෙවත් අවයව බද්ධය සඳහා දායකයන් හා ප්‍රතිග්‍රාහකයන් පිළිබඳ තොරතුරු එක්රැස් කරන ජාතික ජාලයට අනුව ඇමරිකා එක්සත් ජනපදය තුළ පසුගිය වසරේ හදවත් බද්ධයන් 3800 ක් සිදුකර ඇත. මෙය විශාල අගයකි. මේ අතර අවයව බද්ධය සඳහා වන පොරොත්තු ලේඛනයේ එරට 100,000 කට අධික පිරිසක් රැඳී සිටිති. ඔවුන් අතරින් වසරකට 6000 ක් බැගින්, බද්ධ කිරීම සඳහා සුදුසු අයවය, නියමිත කාලය තුළ නොලැබීම හේතුවෙන් මරණයට පත් වෙති.

මේ අනුව ජානමය වශයෙන් වැඩි දියුණු කළ සත්ව ඉන්ද්‍රියයන් මිනිස් සෛල විසින් ප්‍රතික්ෂේප නොකරන බව මෙම සැත්කම මගින් තහවුරු වීම, වෛද්‍ය විද්‍යා ලෝකයට නව බලාපොරොත්තුවක් දල්වයි.

මෙම සූකර ඉන්ද්‍රියන් මිනිස් අවයව බද්ධය සඳහා අත්හදා බැලීමට ඇමරිකානු ආහාර හා ඖෂධ අධිකාරියෙන් ‘හදිසි භාවිතා අනුමැතියක්’ ලැබුණේ නව අවුරුදු දා සන්ධ්‍යාවේ ය. මෙම අනුමැතියේ ප්‍රධානතම කොන්දේසියක් වූයේ ‘වෙන කළ හැකි කිසිම දෙයක් නොමැති විට අත්හදා බැලිය හැකි බව’ ය. ඒ අනුව එයට දින 5කට පසු සැත්කම සිදු කෙරිණි.

1984 – බැබුන් හදවතක් බද්ධ කළ බේබි ෆේ’

සත්ව අවයව හෝ ඉන්ද්‍රියන් මිනිසුන්ට බද්ධ කිරීම හඳුන්වන්නේ ට්‍රාන්ස්ප්ලාන්ට් නොව ‘සීනොට්‍රාන්ස්ප්ලාන්ට්’ යනුවෙනි. 1984 වසරේ වාර්තා වූ Baby Fae case න් පසුව මෙසේ සත්ව අවයව හා ඉන්ද්‍රියන් මිනිසුන්ට බද්ධ කිරීම සහමුලින්ම පාහේ අතහැර දමා තිබිණි. බේබි ෆේ හෙවත් ෆේ නමැති ළදැරිය මෙලොව උපන්නේ සුව කළ නොහැකි හදවත් රෝගී තත්වයකිනි. ඇයට බැබුන් හදවතක් බද්ධ කරන්නේ නම් ඇතැම්විට ඇයගේ දිවි බේරාගත හැකි වනු ඇතැයි වෛද්‍යවරු නිගමනය කළහ. නමුත් එය අවසන් වූයේ විපතකිනි. බේබි ෆේ විසින් බැබුන් හදවත ප්‍රතික්ෂේප කළ අතර, සැත්කමෙන් මසක් ඇතුළත ඇය මරණයට පත් වූවාය.

මේ සිද්ධියෙන් පසු සත්ව අවයව මිනිසුන්ට බද්ධ කිරීමේ අදහස බොහෝ දුරකට අධෛර්යමත් විය.

Baby Fae case

උදම් අනන්නට කල් වැඩි නමුත්…

සූකරයන් හෙවත් ඌරන්, මනුෂ්‍යයන් සම්බන්ධයෙන් යෝග්‍ය අවයව දායකයන් ලෙස හඳුන්වන්නේ විශේෂ කරුණු කිහිපයක් නිසා ය ඒ අතරින් සූකර හදවත් මිනිස් හදවත්වල ප්‍රමාණයට බොහෝ දුරට සමාන වීම ප්‍රධාන ය.

මිනිසුන්ගේ තුවාළ වූ හෝ හානියට පත් වූ හෘත් කපාට වෙනුවට සූකරයන්ගෙන් ලබාගත් හෘත් කපාට බද්ධ කිරීම වෛද්‍ය ලෝකයට අලුත් දෙයක්‌ නොවේ. නමුත් මාරක ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් විසින් සම්පූර්ණ සූකර හදවතක්ම මිනිසුන්ට බද්ධ කිරීමෙන් වළක්වා තිබිණි.

බෙනට්, ලෝකයේ ප්‍රථම සූකර හදවත් බද්ධයට මුහුණ දී

අවසානයේ ඇමරිකාවේ මේරිලන්ඩ් හිදී මෙම ‌ඉතිහාසගත සැත්කම හෙවත් අවයව බද්ධය ජනවාරි 7 වැනිදා සිදුකරනු ලැබූ අතර, එයින් දින 4 කට පසු ඩේවිඩ් බෙනට් සූකර හදවත තමන්ගේම හදවත ලෙස පිළිගනිමින් එයින් හුස්ම ගන්නට පටන් ගත්තේය. රුධිර සංසරණය ක්‍රමවත් වන තුරු ඔහු සාමාන්‍ය බයිපාස් රෝගියෙකු මෙන් හෘත්-පෙණහළු යන්ත්‍රයකට සම්බන්ධ වී සිටිය යුතු ය. සැත්කම සාර්ථක වී යැයි උදම් අනන්නට ද තවම ඉක්මන් වැඩි ය. එය ඉදිරි සති මාස කිහිපය තුළ තීරණය වේවි. නමුත්, අවම වශයෙන් ලෝකයේ පළමු සූකර හදවත් බද්ධ සැත්කම සාර්ථක ලෙස අවසන් වී ඇති අතර, මේ මොහොතේ මේ ලෝකයේ යම් තැනෙක මිනිසෙක්, ඌරු හදවතකින් හුස්ම ගනිමින් සිටියි!

(Image credit: University of Maryland Medical Center)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan