1990 සුවසැරිය ජාතික හදිසි ගිලන් රථ සේවාව සඳහා නව ගිලන් රථ 100ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10 කොළඹ LNW :

  1. 1990 සුවසැරිය ජාතික හදිසි ගිලන් රථ සේවාව සඳහා නව ගිලන් රථ 100ක් සපයා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම

ඉන්දීය රජයේ මූල්‍ය ප්‍රදානයක් යොදා ගනිමින් 2016 වර්ෂයේදී 1990 සුවසැරිය ජාතික හදිසි ගිලන් රථ සේවාව ආරම්භ කරනු ලැබ ඇති අතර, 2018 වර්ෂයේදී එය දිවයින පුරා ව්‍යාප්ත කරනු ලැබ තිබේ. එමඟින්, සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පැය 24 පුරා නොමිලේ සේවාව සපයන අතර, දිනකට රෝගী ප්‍රවාහන අවස්ථාවන් 1,000 – 1,200ක ප්‍රමාණයක් හැසිරවීම සිදු වේ. මෙම ගිලන් රථ වාර්ෂිකව කිලෝමීටර මිලියන 9 ක පමණ දුරක් ධාවනයේ යෙදෙන අතර එම තත්ත්වය මත වර්තමාන ගිලන් රථ සමූහයට අයත් ගිලන් රථ 322 හි කාර්මික දෝෂ ඇති වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා රජය විසින් කරනු ලැබ ඇති විශේෂ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන, 1990 සුවසැරිය සේවාව සඳහා භාවිත කිරීම පිණිස සම්පූර්ණ වෛද්‍ය පහසුකම්වලින් සමන්විත නව ගිලන් රථ 100ක් සපයා ගැනීමට හැකි වන පරිදි මූල්‍ය ප්‍රදානයක් ලබා දීමට ඉන්දීය රජය විසින් එකඟතාව පළ කර ඇත. ඒ අනුව, එමී මූල්‍ය ප්‍රදානය ලබා ගැනීම සඳහා ඉන්දියා රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහවැලි ගඟ හරහා නව දුම්රිය පාලමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10 කොළඹ LNW : මාතලේ දුම්රිය මාර්ගයේ...

ක්ලීන් ශ්‍රී ලංකා – පිරිසිදු පුරවර’ : ගෘහස්ථ කොම්පෝස්ට් සකස් කිරීමේ’ ව්‍යාපෘතියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10 කොළඹ LNW : 'ක්ලීන් ශ්‍රී ලංකා...

රඹෑව බස් රථ තුනක් ගැටීමෙන් පස් දෙනෙකු මරුට: 40 දෙනෙකුට තුවාල!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW: මිහින්තලේ, රඹෑව ප්‍රදේශයේදී ශ්‍රී...