මහවැලි ගඟ හරහා නව දුම්රිය පාලමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10 කොළඹ LNW :

  1. මාතලේ දුම්රිය මාර්ගයේ සරසවි උයන සහ පේරාදෙණිය අතර මහවැලි ගඟ හරහා නව දුම්රිය පාලමක් ඉදි කිරීම

මහනුවර මහ නගර ප්‍රදේශය ආවරණය වන පරිදි පුළුල් තදාසන්න දුම්රිය ජාලයක් සංවර්ධනය කිරීමේ අරමුණින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් මේ වන විට සිදු කරමින් පවතී. එකී ව්‍යාපෘතියේ විෂය පථයට පේරාදෙණිය හරහා කඩුගන්නාව සිට ගම්පොළ දක්වා ප්‍රධාන දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීම සහ පේරාදෙණිය සිට කටුගස්තොට දක්වා මාතලේ දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීම ඇතුළත් වේ.

සැලසුම් කර ඇති ද්විත්ව දුම්රිය මාර්ගය සම්පූර්ණ කිරීම, දැනට පවතින තනි දුම්රිය මාර්ගය හේතුවෙන් ඇති වී තිබෙන ධාරිතා අවහිරතාව ඉවත් කිරීම සහ දුම්රිය ජාලයේ විශ්වසනීයත්වය හා සම්බන්ධතාව වැඩිදියුණු කිරීම සඳහා එකී ව්‍යාපෘතිය යටතේ පියවර ගත යුතු බව හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, දිවයින සුළි කුණාටුව හේතුවෙන් හානි වූ දුම්රිය යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම හා සංවර්ධනය කිරීම සඳහා වන ඉන්දියානු ණය යෝජනා ක්‍රමය මඟින් මූල්‍ය සහාය ලබා ගනිමින් මාතලේ දුම්රිය මාර්ගය ජාතික දුම්රිය ජාලය සමඟ ඒකාබද්ධ කිරීමට හැකි වන පරිදි සරසවි උයන සහ පේරාදෙණිය අතර මහවැලි ගඟ හරහා නව දුම්රිය පාලමක් ඉදි කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්ලීන් ශ්‍රී ලංකා – පිරිසිදු පුරවර’ : ගෘහස්ථ කොම්පෝස්ට් සකස් කිරීමේ’ ව්‍යාපෘතියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10 කොළඹ LNW : 'ක්ලීන් ශ්‍රී ලංකා...

1990 සුවසැරිය ජාතික හදිසි ගිලන් රථ සේවාව සඳහා නව ගිලන් රථ 100ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10 කොළඹ LNW : 1990 සුවසැරිය ජාතික...

රඹෑව බස් රථ තුනක් ගැටීමෙන් පස් දෙනෙකු මරුට: 40 දෙනෙකුට තුවාල!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW: මිහින්තලේ, රඹෑව ප්‍රදේශයේදී ශ්‍රී...