*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

දෙවන නිජබිම දිනවීම නොව අපව පිනවීමට අගයක් දෙමු

ඔබට කෙප්ලර් වෙසල්ස් මතක ඇතුවාට සැක නැත.හැබැයි ඔබට ඒ විශිෂ්ඨ පිතිකරුවා ශ්‍රී ලංකාවට තඩි බෑවේ කුමන රටක් නියෝජනය කරමින් ද යන්න ගැන මතක දෙකක් තිබෙන්නට අවශ්‍යය ය.පළමුව ඕස්ට්‍රේලියානුවෙක් සේ පැමිණය.දෙවනුව දකුණු අප්‍රිකානුවෙක් ලෙස ය.වර්ණබේද ප්‍රතිපත්ති නිසා ලෝකයේ සමබන්ධතා වැසී තිබුණු දකුණු අප්‍රිකාවට යළිත් ටෙස්ට් වරම් සමඟ ලෝකය සමඟ ගණු දෙනු කරන්නට පාර සැකසෙනකම් වෙසල්ස් ක්‍රීඩා කළේ ඕස්ට්‍රේලියාවටය.එය වැදගත් පියවරකි.එසේ නොවන්නට දකුණු අප්‍රිකාවට වෙසල්ස් කෙනෙක් නොලැබෙන්නට තිබිණ.ලෝකයේ පුළුල් ඉඩක් හැකියාව වෙනුවෙන් විවිර වි නොතිබිණි නම් ඔහු වැනි අපූරු ක්‍රීඩකයෙක් අපට හමුවන්නට නොතිබිණ.සමහර විට අප්‍රකට වෙනත් වෘත්තියක නියැලෙන්නෙක් වෙනු විනා අපව පිනවන්නෙක් නොවන්නට තිබිණ.

ක්‍රීඩාවේ දී මේ ආකාරයට අපව පිනවන පිරිසට දේශසීමා මායිම් නැත.මිනිස් සිරුරේ අපූරු ශක්තීන් නමනීය ස්වභාවයන්,දරාගැනීම් හි ප්‍රකාශන බවට පත්වන ක්‍රීඩාව සෞඛ්‍ය සම්පන්න කාරණයක් වන්නා සේම,එහි නියැලෙන්නාට සීමා නොවුණු වින්දනාත්මක විදීමකට පුළුල් ඉඩක් නිර්මාණය කරන අපූරු විෂයක් ද වන්නේය.
මිනිස්සුන්ගේ හැකියාවන්ට දේශ සීමා නැතිවීමම අපූරුය.අපි බෝල්ට්ව වැළඳගන්නේ ලාංකිකයෙක් තරම් සතුටෙන්ය.නිකමට හිතන්න රොනාල්ඩෝ වැන්නෙක් ශ්‍රී ලංකාවේ පාරේදී හමුවන බව.පාපන්දු ලෝලින් ඔහුව වැළඳගන්නට කුමක් නොකරයිද?අපේ ආලින්දයට එන අමීර් ඛාන්ලා,ෂාරුක්ලා ද ඒ ආකාරයෙන්ම අපව රස ගැන්වීමට අප ආදරය කරන්නේ කෙතරම් තද ආස්වාදයකින් ද?

එසේ හැකියාවන් විඳිනු විනා,ඔවුන්ගේ මුල් කොතැනද,මල් කොතැනද සිතීම පලක් නැත.අප කළයුත්තේ කොතැනක හිටියත් ඊට වඩා ලෝකය ආදරය කරන ලාංකිකයෙක් නිර්මාණය කරන්නේ කෙසේද යන කාරණය සාක්ෂාත් කර ගැනීමය.උදාහරණයකට අප නැමීබියාවට පැරදුණු විට එහි සිටින ක්‍රීඩකයන්ගේ ජන්මය ප්‍රශ්න කරයි.එංගලන්තයට පැරදුණොත් ඒත් එසේමය.ටෙස්ට් කණ්ඩායමට නායකත්වය දෙන සහ එංගලන්තයට පළමුවරට එක්දින ලෝක කුසාලනය දිනා දීමට වැඩිම දායකත්වයක් දැක් වූ බෙන් ස්ටෝක්ස් එංගලන්තයේ නොවේය.නවසීලන්තයේ ය.එපමණක් නොව එහි නායකත්වය දැරූ ඔයින් මෝර්ගන් අයර්ලන්තයේ ය.
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ එක්සත් අරාබි එමීර් තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් ලැබූ කාර්තික් මෙයියප්පන් ඉන්දියාවේය. එම්වීඑම් සුබ්‍රමනියම් සහ ලලිතා සුබ්‍රමනියම් යහපත් ජීවිතයක් සොයා 2012 දී එකසත් අරාබි එමීර් රාජ්‍යය වෙත පියාසර කරන විට කාර්තික් මෙයියප්පන් දස හැවිරිදි ය.සමහර විට ඉන්දියාවේ සිටියේනම් කාර්තික්ට තරගකාරී ඉන්දියාව තුළ ජාතික කණ්ඩායමට එන්නට නොහැකි වන්නට තිබිණ.නමුත් අද ඉඩක් ඇත්නම් ඉන්දියාව වුව ඔහු ගැන සිතනු ඇත.ඒ ඔහුගේ ක්‍රිකට්වලට එමීර් රාජ්‍යයෙන් ලැබුණ ආශිර්වාදය ය.අද ඔහු ලෝක කුසලාන ඉතිහාසයේ තඩුලු ත්‍රිත්වයක් ලැබූ පස්වැන්නාය.ඔහු එමීර් රාජ්‍යය නොතිබුණෙනම් කවදාවත් ලෝකය දැන නොගනු ඇත.ඉතිං ක්‍රිකට් ක්‍රීඩාවේ රසිකත්වයක් ඇත්තෙක්ට සහ ක්‍රීඩාව ගැන ලබැඳියෙකුට කාර්තික් මෙයියප්පන් ක්‍රිකට් ක්‍රීඩා නොකර සිටීමට වඩා ක්‍රීඩා කිරීම ආදරේ හිතෙන වැඩක්ය.
එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයම නියෝජනය කරන්නේ වෙනත් රටවල ක්‍රීඩකයෝය.මැද පෙරදිග ධනවත් රටවල සෑම ක්‍රීඩාවකම වගේ තත්ත්වය එබඳුය.දැනටත් එමීර් රාජ්‍යයේ කාන්තා කණ්ඩායමේ ප්‍රබලම පිතිකාරිණියක් වන්නේ කවීශා එගොඩගේය.බහරේන් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පස්දෙනෙකුම ශ්‍රී ලාංකිකය.ඒ අතර ශ්‍රී ලංකාව නියෝජනය කළ දීපිකා රසාංගිකා ද වන්නීය.එසේම රවිඳු ගුණසේකර සහ සංජය තුරෙයිසිංහම් (කැනඩාව) ටෝනි ඕපාත (නෙදර්ලන්තය) වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ද වෙනත් රටවල් නියෝජනය කර ඇති අතර අදටද නියෝජනය කරන්නේය.

මේ වන විටත් චෙකොස්ලොවේකියාව නියෝජනය කරන සුදේෂ් වික්‍රමසේකර ජාත්‍යන්තර 20/20 තරගයක වේගවත්ම ශතකයේ වාර්තාව ඩේවිඩ් මිලර් සහ රෝහිත් ෂර්මා සමඟ බෙදා ගෙන සිටින්නේය.එසේම මෝල්ටාවේ ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා වන්නේ ද ලාංකිකයෙකි.ඔහු නමින් වෛද්‍ය ඉන්දික තිලාන් පෙරේරා ය.
මේ තත්ත්වයන් අප දියුණු මනසකින් විඳ ගත යුතුව ඇත්තෙමු.ලෝකයේ සිටින දක්ෂතමයාට එම කාර්යයේ ප්‍රමුඛතාවය හිමි වීම සාධාරණ කොට සිතන්නට අප පුහුණුවිය යුතු වන්නෙමු.අප පුහුණුවිය යුත්තේ දක්ෂතමයා නැති තැනක වීරයා වන්නට නොව,සැබෑ දක්ෂතමයා වන්නය.මෙවර 20/20 ලෝක කුසලානයේ ද එංගලන්තය,ඕස්ට්‍රේලියාව,නවසීලන්තය වැනි රටවල ද,එක්සත් අරාබි එමීර් රාජ්‍යය,නැමීබියාව වැනි රටවලද ඒ රටේම උපත නොලැබූ ක්‍රීඩකයෝ වෙති.ඒ තැන ලෝකයේ ඔවුන්ට හිමි කර දීම ගැන ඒ රටවල්වලට සැබෑ වින්දනාත්මක මනසක් වන්නේනම් අප ස්තූතිවන්ත විය යුතුය.

ඒ නිසා ක්‍රීඩකයන්ගේ දෙවැනි නිජබිම යන්න ගරහන්නට හේතුවක් නොවේය.ඒ ක්‍රීඩාවට ආදරය කරන්නෙකුට ඒ විශ්මිත දස්කම් දකින්නට එලුව පාවඩයක්ය.අප යුපුන් අබේකෝන් දුවන හැටි දකින්නට කැමතිය.උෂාන් තිවංක උස පනින හැටි බලන්න කැමතිය.ඔවුන් මේ රටේ උපත පමණක් ඇති වෙනත් රටවල සම්පත්වලින් පෝෂණය ලබන්නෝය.ඇත්ත එයය.රටේ ක්‍රීඩා අමාත්‍යවරයාම ඒ තත්ත්වය පිළිගන්නේය.එය හොඳ තත්ත්වයකි.බොහෝ අය අකමැති වුව වෙනත් රටවල සිටින ලාංකිකයන් මෙරට ක්‍රීඩාව පෝෂණය කරන්ට එක්වන්නේනම් වැදගත්ය.නමුත් ඒ ඒ රටවල නියෝජනයට නැති ඉඩ මේ රටෙන් ලබා ගන්නට වඩා ඒ රටද නියෝජනය කරන හැකි මට්ටමේ සිටින්නන් වන්නේනම් වැදගත්ය.යුපුන් සහ තිවංක සිටින්නේ ඒ තත්ත්වයේ නිසා ඔවුන් වැන්නන් සොයා ගැනීම වැදගත්ය.

කෙසේ හෝ දක්ෂයාට ලෝකයේ කොතැන හෝ ඉඩ ලැබීම වැදගත්ය.පාවෙන ගොම රිටි වෙනුවට බර දේ ගැඹුරෙහිම තැන්පත්වීමට විරුද්ධ වන්න අප කුහක විය යුතු නැත.ඒ නිසා මේ ලෝක කුසලානය සම්බන්ධයෙන් ක්‍රීඩකයාගේ උපත කොතැනද යන්න සෙවීමට වඩා ඔහු කෙතරම්ද දක්ෂ යන්න සෙවීම වැදගත්ය.එයින් ක්‍රීඩාව ආලෝකමත් කරන්නට ඔවුන් දක්වන දායකත්වයේ ප්‍රමාණය පමණක් ක්‍රීඩා ලෝලින් හැටියට අප භාර ගැනීම වැදගත්ය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan