කොළඹ LNW:37 වෙනි ඉල්මහ විරු සමරුව අදට (13) යෙදී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද ඉල්මහ විරු සමරුව විහාර මහා දේවි උද්‍යානයේදී පැවැත්විය.
එම අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන නියෝජිතයින්,පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
දේශපාලන පොදු අරමුණක් වෙනුවෙන් 1989 කැරැල්ලේදී දිවි පිදුවන් වෙනුවෙන් එහිදී උපහාර පුදකරන ලදී.






ජායාරූප – අජිත් සෙනෙවිරත්න


