පෞද්ගලික බස් රථ වැඩ වර්ජනයකට සැරසෙයි! (VIDEO)

Date:

එළඹෙන 25 වැනිදා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඒ, මේ වන විට ලිසිං සමාගම් විසින් ඔවුන්ගේ බස් රථ අත්පත් කරගනිමින් සිටීමට විරෝධය පළකරමිනි.

මේ වන විට බස් රථ 50ක් පමණ ලීසිං සමාගම් විසින් අත්පත්කරගෙන තිබෙන බවත් බස් රථ 3000ක් පමණ එලෙස අත්පත්කර ගැනීමට සැලසුම් සකස් වී තිබෙන බවත් මේ සම්බන්ධයෙන් අද (19) ,මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේය.

කොරෝනා වසංගතය හේතුවෙන් රට වැසීමට සිදුවීමෙන් පෞද්ගලික බස් රථ ධාවනය කළ නොහැකි තත්ත්වයක් මතුවූ අතර මේ වන විට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් බස් රථ වලට අවශ්‍ය ඩීසල් නිසිපරිදි නොමැති වීම නිසා සිය කර්මාන්තය කඩා වැටීමකට ලක්වූ බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඒ අනුව අතපසු වී තිබෙන ලීසිං වාරික ගෙවීම සඳහා ලබන මාර්තු මාසය දක්වා හෝ කාලය අවශ්‍ය බවයි පෞද්ගලික බස් හිමියන් අවධාරණය කළේ.

එළඹෙන 25 වැනිදාට පෙර මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ප්‍රවාහන ඇමතිවරයා සහ ප්‍රධාන ලීසිං සමාගම් සමඟ සාකච්ජාවක් බලාපොරොත්තු වන අතර ලීසිං සමාගම් විසින් අත්පත්කරගෙන තිබෙන බස් රථ 50 ද එම බස් හිමියන් වෙත නැවත ලබා දෙන ලෙසත් මෙම මාධ්‍ය හමුවේදී ප්‍රියන්ජිත් මහතා කියා සිටියේය.

එසේ නොවන්නේ නම් එළඹෙන 25 වැනිදා වැඩවර්ජනයකට යොමුවන බවයි ඔහු පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපට චීනයට විකිණිය හැක්කේ මොනවාද ?

පසුගිය 2024 වසර තුළ ලංකාව චීනයෙන් ඩොලර් මිලියන 4,365.7ක...

ලොහාන්ගේ අවසන් කටයුතු ඉරිදා මහනුවරදී

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු අගෝස්තු...

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...