*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

මා අතින් වරදක් වුනා, මම ඉල්ලා අස්වෙනවා, යන ගමන් කොරහත් බිඳගෙන යන එංගලන්තේ ස්වදේශ කටයුතු ඇමතිනී!

“රජය අතින් අඩුපාඩු සිදුවුනා, එහෙත් රජය එම අඩුපාඩු සිදු නොවුනාක් මෙන් හැසිරුනා.. විශ්මකර්මයකින් එකී අඩුපාඩු විසඳෙනු ඇති මෙන් හැසිරුනා.. බැරෑරුම් දේශපාලනය යනු මෙය නොවෙයි..”

බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු ලේකම් සහ කන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රිනී ස්වෙලා බ්‍රේවර්මන් මහත්මිය තම ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර තිබේ.

ඒ රාජකාරී කටයුත්තකට අදාළ ලේඛනයක් සිය පෞද්ගලික විද්‍යුත් තැපෑල ඔස්සේ සංසරණය කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් මහත්මිය වෙත භාරදෙන බව ඈ අද (19) දින නිකුත් කළ පණිවිඩයක් ඔස්සේ ප්‍රකාශ කර සිටියාය.

බ්‍රේවර්මන් මහත්මිය තම ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවට පළමුවරට මාධ්‍යයට අනාවරණය කළේ ගාඩියන් පුවත් සේවයයි. ඒ අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් මහත්මිය ගේ පාලනය ඈ විවේචනය කිරීම මත ය.

සංක්‍රමණික කටයුතුවලට අදාළ ප්‍රතිපත්තිමය ලේඛනයක කෙටුම්පතක් ප්‍රකාශයට පත්කිරීමට ප්‍රථම සිය පෞද්ගලික විද්‍යුත් තැපෑලෙන් තවත් මන්ත්‍රීවරයකුට ඈ යවා ඇති අතර, මෙය නීති විරෝධී ක්‍රියාවකි.

තමා අතින් වරදක් සිදුවූ බව පිළිගන්නා බ්‍රේවර්මන් ස්වදේශ කටයුතු අමාත්‍යවරිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය වෙත භාර දී තිබේ.

කෙසේවෙතත්, මෙම ඉල්ලා අස්වීමේ ලිපිය ‘යනගමන් කොරහත් බිඳගෙනම යන්නාක් මෙන්‘ යන කියමන සනාථ කරන අන්දමේ ලිපියක් බවයි වාර්තා වන්නේ.

ඊට හේතුව වන්නේ, සිය ඉල්ලා අස්වීමේ ලිපිය හරහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ඇතුළු රජයට ප්‍රභල විවේචනයක් එල්ල කිරීමට බ්‍රේවර්මන් මහත්මිය කටයුතු කර තිබීමයි.

බ්‍රිතාන්‍ය රජය ඉකුත් මැතිවරණය සමය තුළ ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට අසමත් වීම පිළිබඳව තමාට ‘දැඩි කණස්සලක්’ තිබෙන බව ඈ සිය ලිපිය හරහා පෙන්වා දෙයි.

බ්‍රිතාන්‍ය රජය විසින් අඩුපාඩු සිදුව ඇති අතර, ඒවා සිදුනොවූයේ මෙන් සහ එවන් අඩුපාඩු ජනතාවට නොපෙනෙන්නේ ය යන අන්දමින් රජය හැසිරුණ බවත්, එකී අඩුපාඩු විශ්මකර්මයක් මෙන් නිවැරදි වනු ඇතැයි සිතා කටයුතු කිරීම බැරෑරුම් දේශපාලනය නොවන බවත් බ්‍රේවර්මන් මහත්මිය සිය ලිපිය හරහා අවධාරණය කරයි.

එමෙන්ම, උක්ත ප්‍රතිපත්ති ලේඛන කෙටුම්පත් තම පෞද්ගලික විද්‍යුත් තැපෑල ඔස්සේ හුවමාරු කිරීම ඔස්සේ තමා වරදක් කළ බව තමා පිළිගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් වගකීම තමා දරන බවත්, ඒ අනුව තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ඈ සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කළාය.

හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව ලිස් ට්‍රස් මහත්මිය දිවංගත දෙවන එලිසබෙත් රැජිණ යටතේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව දේශපාලන වේදිකාවෙන් ඈට එල්ල වූයේ සුලුපටු පීඩනයක් නොවෙයි.

ඊට හේතුව, ඈ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කරන අන්දම පිළිබඳව බ්‍රිතාන්‍ය පාලක පක්ෂය වන කන්සර්වේටිව් පක්ෂයටම ප්‍රභල විවේචන තිබීමයි.

බ්‍රිතාන්‍ය පාලක පක්ෂය විසින් එරට විපක්ෂය වන බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය විසින් රජයේ ක්‍රියාකලාපයට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනාවලට සහාය පළකර තිබීම මෙම තත්ත්වය තවත් උත්සන්න කිරීමට හේතුවී තිබේ.

මෙහි දේශපාලන වාසිය වාමාංශික මතධාරී බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයට ලැබෙනු ඇත.

ඡායාරූප: රොයිටර් / ස්වෙලා බ්‍රේවර්මන් නිල ට්විටර් ගිණුම

අවුට්බවුන්ඩ් ටුඩේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan