22 වැනි සංශෝධනය ගැන විවාදය අද ආරම්භ කෙරේ. ඡන්දය හෙට

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද (20) සහ හෙට (21) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත ය.

අද පෙරවරු 09.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කර ඇති ප්‍රශ්න සඳහා අවස්ථාව හිමිවේ.

ඉන් අනතුරුව 10.30 සිට සවස 05.00 දක්වා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇත.

හෙට දිනයේ ද ඒ ආකාරයෙන්ම විවාදය පැවැත්වීමට නියමිත අතර විවාදය අවසානයේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව තිබේ.

RN