ආණ්ඩුව නිවැරදි නං ඇයි ඡන්දවලට බය – සජිත්

Date:

දීප්තිමත් ආලෝකමත් රටක් වෙනුවට අපේ රට අන්ධකාරයෙන් පිරුණු රටක් බවට වත්මන් ආණ්ඩුව පත් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමගි ජන බලවේගයෙන් ‘හුස්මක්’ වැඩසටහන යටතේ පේදුරුතුඩුව රෝහලට වෛද්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහනට එක්වෙමින් ඊයේ (11) විපක්ෂ නායකයා මේ බව පැවසීය.

දුර්වල රාජ්‍ය පාලනයක් තුළ, දුර්වල ආර්ථික කළමනාකරණය තුළ අද යළිත් පෝලිම් යුගයක් නිර්මාණය වී ඇති බවත් ඉදිරියේදී ඉටිපන්දම් පෝලිම්, කුප්පි ලාම්පු පෝලිම් බිහිවෙන බවත් ඒ මහතා පැවසීය.

“රජය බයයි ජනතාව අතරට යන්න. පළාත් පාලන ඡන්දය වසරකින් කල් දැමීමෙන් ඒක ඔප්පු වෙනවා. නිවැරදි පාලනයක් ගෙන යනවා නම්, ජනතාව අතරට යන්න පාලකයන් බිය විය යුතු නැහැ. මේ ආකාරයට රටක් ලෙස අපට ඉදිරියට යන්න බැහැ. අනිවාර්යෙන්ම වෙනසක් සිදුවිය යුත්තේ, ජනතාවාදී, ජනහිතකාමී, රටට සෙතක් අත්පත් වෙන ආකාරයට. සමගි ජන බලවේගය අපි පොරොන්දු වෙනවා මේ රටේ දැවෙන ප්‍රශ්නවලට නැවුම් විසඳුම් ලබා දීලා, මේ රට ගොඩ දමන්නට. සම්ප්‍රදාය පසෙක දමා ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා. රට ගොඩනගන්නට, තියුණු කරන්නට, සංවර්ධනය කරන්නට, රටේ වගකීම භාරගන්න අපි සූදානම්” යැයි ද ඒ මහතා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 39 වන පියවර ලෙස රුපියල් විසිහතර ලක්ෂ පනස් හත්දහසක් (රු. 2,457,000) වටිනා Dialysis Machine with Portable RO System යන්ත්‍රයක් පේදුරුතුඩුව රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙතෙක් ක්‍රියාත්මක වූ අදියර 38 තුල ලක්ෂ 1103 ක් (රුපියල් 110,339,500) වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චොකා මල්ලී මරණ දඬුවමෙන් නිදහස් කළ තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලන පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර !

සටහන - රුවන් නෙළුගොල්ල 2015 ජනාධිපතිවරණය ආසන්නයේදී කහවත්තේ පැවති ජනාධිපති...

එස්.එම් රංජිත්ගේ ඇප ඉල්ලීම කරුණු තහවුරු කිරීමට දින!

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ LNW : බරපතළ වැඩ සහිත...

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කපන පනත් කෙටුම්පත ගැසට් කරයි

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කර...