සටහන – රුවන් නෙළුගොල්ල
කඩුවෙල නගරයේ පිහිටි විදුලි භාණ්ඩ වෙළඳසැලක අද (19) උදෑසන ඇතිවූ ගින්නකින් එකම පවුලේ සිදෙනෙකු මරුමුවට පත්ව තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ එම පවුලේ මව, පියා සහ අවුරුදු 2ක් හා අවුරුදු 6ක් වයසැති දරුවන් දෙදෙනා ය.
අදාළ ගොඩනැගිල්ලේ පහළ තට්ටුවේ විදුලි භාණ්ඩ අලෙවිසැල තිබී ඇති අතර මිය ගිය පවුලේ සාමාජිකයන් ඉහළ තට්ටුවේ රැඳී සිට ඇති බව සඳහන්.
ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවීමේ රථ 03ක් මේ වන විටත් යොදවා ඇත.


