1. පළාත් පාලන මැතිවරණය කල් දැමීමට රජය දරන්නේ යැයි කියන ප්‍රයද්නයන් පරාජය කිරීම සඳහා “ව්‍යවස්ථාමය රාමුව තුළ ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම” ගැනීමට විරුද්ධ දේශපාලන පක්ෂ එකඟ වේ.
2. ශ්‍රී ලංකාවේ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කර ආර්ථික ස්ථායීතාව ඇති කිරීමට කඩිනම් පියවර ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි – විදේශ ආයෝජන දිරිගැන්වීම සඳහා තිබූ නීති පද්ධතිය නැවත සක්‍රීය කරන බව ද පවසයි.
3. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර වෙනත් විකල්පයක් නොමැති බව මහබැංකු අධිපති වීරසිංහ කියයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඉල්ලා මාස 7ක් ගතවී ඇතත්, තවම කිසිවකුගෙන් අරමුදල් ලැබී නැත – කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම හෙළිදරව් කර නැත – දැවැන්ත බදු පනවා ඇත – පොලී අනුපාත සහ “මුදල් මුද්‍රණය” සහ උද්ධමනය විශ්මය දනවමින් ඉහළ ගොස් ඇත – ණය පැහැර හැර ඇත – ව්‍යාපෘති නතර වී ඇත – සියයට 8.4 ක ඍණ වර්ධනයක් ඇත.
4. ආයතනික බදු සියයට 14 සිට සියයට 30 දක්වා වැඩි කළහොත් බරපතල පසුබෑමක් ඇතිවිය හැකි බව පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්, ඇඟලුම් අපනයනකරුවන් සහ මෝටර් රථ වෙළඳුන්ගෙන් අනතුරු ඇඟවීමක් – කෙසේ වෙතත් ලංකා වාණිජ මණ්ඩලය 2020 සිටම බදු වැඩි කළ යුතුය යන ස්ථාවරයේ පසුවෙයි.
5. කසකස්තානය හම්බන්තොට තෙල් පිරිපහදුවක් සහ තෙල් බංකර පහසුකමක් පිහිටුවීමට උනන්දුවක් දක්වන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ප්‍රකාශ කරයි.
6. “ඉටුකම කොවිඩ්-19 අරමුදල” (මහබැංකු අධිපති වීරසිංහගේ සභාපතිත්වය දරණ) වසා දමා ඇති බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි – ඉතිරිව ඇති අරමුදල් ජනාධිපති අරමුදලට බැර කර ඇත.
7. සති 7 ක අවම අගයක් සනිටුහන් කරමින් ලකුණු 8737 ක අගයක් ගනිමින් සියලුම කොටස් මිල දර්ශකය සියයට 1.7 කින් පහත වැටේ – පිරිවැටුම ද අගෝස්තු අවසන් සතියේ සිට එහි පහළම අගය දක්වා පහත වැටෙයි – ඉහළ යන බදු මත ආර්ථික අවිනිශ්චිතතාවයන් ඇතිවිය හැකි බව විශ්ලේෂකයහු අනතුරු අඟවති – එළඹෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හේතුවෙන් මෙසේ බදු ඉහළ යාම සිදුවේ.
8. පෞද්ගලික බස්රථ සංගම් ඔක්තෝබර් 25 වැනිදා සිට දීප ව්‍යාප්ත බස් වර්ජනයක් දියත් කිරීමට සැරසෙයි – පොලී අනුපාත වැඩිවීම නිසා ලීසිං වාරික ගෙවීමට නොහැකි බව පවසයි – ලීසිං නොගෙවීම නිසා බස් රථ නැවත පවරා ගැනීම ද විරෝධය පළ කර සිටී.
9. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය දින 69ක් ඇතුළත පවත්වන බවට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් දෙයි.
10. ශ්‍රී ලංකාව ICC පිරිමි T20 ලෝක කුසලානයෙහි පළමු වටයේ “A” කාණ්ඩයේ නෙදර්ලන්තයට එරෙහි තරඟය ලකුණු 16 කින් ජය ගනී – Super-12 අදියර සඳහා සුදුසුකම් ලබයි – ශ්‍රී ලංකාව -162/6; නෙදර්ලන්තය – 146/9.