රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW:
ඉන්දියානු සාගරයේ මොරිෂස් සහ රියූනියන් ප්‍රදේශය ආසන්නයේ රික්ටර් මාපකයේ 6.5ක විශාලත්වයෙන් යුත් ප්‍රබල භූ චලනයක් හටගෙන ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත.
මෙම ස්වභාවික විපත පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක ගැඹුරින් අද දින පස්වරු 4.36ට පමණ වාර්තා වී තිබේ.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල වෙසෙන ජනතාව දැඩි විමසිල්ලෙන් හා අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් විසින් ඉල්ලා සිටී.
ඉදිරි තත්ත්වයන් පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් වන ලෙසත්, සියලු මාධ්‍ය ඔස්සේ නිකුත් කරන නවතම තොරතුරු අඛණ්ඩව නිරීක්ෂණය කරන ලෙසත් ජනතාවට උපදෙස් දී ඇත.


