විලියම් කුමරු සහ කේට් කුමරියගේ නිවසට හොර රහසේ ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට; රාජකීය පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කසු කුසුවක්!

සටහන – පුලී
නොවැම්බර් 
24, LNW (කොළඹ):  බ්‍රිතාන්‍ය රජ පවුලේ වේල්ස් කුමරු වන විලියම් සහ වේල්ස් කුමරිය වන කැතරින්ගේ (කේට්) නිවාඩු නිකේතනයට නීති විරෝධී ලෙස ඇතුළු වීම සහ සොරකම් කිරීමේ සැකය මත පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එංගලන්තයේ නොර්ෆොක් ප්‍රදේශයේ සැන්ඩ්‍රින්හැම් රාජකීය වතුයායට අයත් Anmer Hall නමැති නිවස ආශ්‍රිතව මෙම සිදුවීම වාර්තා වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

නොර්ෆොක් පොලිසිය පවසන පරිදි පසුගිය සඳුදා සවස 6.00ට පෙර එම නිවස ආශ්‍රිතව සැකකටයුතු ක්‍රියාකාරකමක් සිදුවන බවට ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ප්‍රදේශය පරීක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරීන් සමඟ විශේෂ පුහුණුව ලැබූ සුනඛයන්, ඩ්‍රෝන යානා සහ හෙලිකොප්ටරයක් ද යොදාගෙන ඇත. පසුව රාජකීය වතුයාය තුළ සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇති අතර, ඔවුන් මේ වන විටත් පොලිස් භාරයේ රඳවාගෙන සිටින බව සඳහන්.

කෙසේ වෙතත්, මෙම සිදුවීම සිදුවන අවස්ථාවේදී විලියම් සහ කැතරින් කුමරුන් එම නිවසේ රැඳී සිට නොමැති බව පොලිසිය තහවුරු කර තිබෙනවා. මේ අතර බ්‍රිතාන්‍ය රජ පවුලේ නිල කටයුතු සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරන Kensington Palace ආයතනය පවසා ඇත්තේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදු නොකරන බවයි.

Anmer Hall යනු විලියම් සහ කැතරින් කුමරුන්ගේ පෞද්ගලික නිවාඩු නිකේතනයක් ලෙස භාවිත වන නිවසක්. ඔවුන් එහි වසර පුරාම පදිංචිව නොසිටින අතර, විශේෂයෙන් නිවාඩු කාලවලදී සහ විවේකය ගත කිරීම සඳහා එම නිවසට පැමිණෙන බව සඳහන්. නිදන කාමර 10කින් සමන්විත මෙම සුඛෝපභෝගී නිවස 2011 වසරේදී ඔවුන්ගේ විවාහයෙන් පසුව එවකට බ්‍රිතාන්‍ය රැජින වූ දෙවන එලිසබෙත් රැජින විසින් ත්‍යාගයක් ලෙස ලබා දී තිබේ.

රාජකීය පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිරන්තර අවධානයක් යොමු කෙරෙන පසුබිමක සිදුවූ මෙම සිදුවීම මේ වන විට බ්‍රිතාන්‍ය මාධ්‍යවල ද අවධානය දිනාගෙන තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියන් සාගරයේ රික්ටර් මාපක 6.5ක ප්‍රබල භූමිකම්පාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 24 : ඉන්දියන් සාගරයේ...

දියවැඩියා සහ හෘද රෝගී ප්‍රතිකාර වෙනුවෙන් කැබිනට් අනුමැතීන් දෙකක්!

කොළඹ LNW:දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කෙරෙන බයිපසික් අයිසොෆේන්...

breaking : “ඉන්දියානු සාගරයේ ප්‍රබල භූ චලනයක්”..

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW: ඉන්දියානු සාගරයේ මොරිෂස් සහ...

බංග්ලාදේශ දේශපාලනය හොල්ලන Sheikh Hasinaගේ ආපසු පැමිණීම…

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW: දකුණු ආසියානු භූදේශපාලනික කරළිය...