සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 24 : ඉන්දියන් සාගරයේ මොරිෂස් සහ රියුනියන් දූපත් ආසන්න මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබේ.
මෙම භූමිකම්පාව හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව බලධාරීන් තහවුරු කර ඇති අතර භූමිකම්පාව ඉන්දියන් සාගරයේ මුහුදු පතුල ආශ්‍රිතව සිදුව ඇති අතර, එහි ප්‍රබලත්වය හේතුවෙන් කලාපයේ අවධානය ඒ වෙත යොමුව තිබේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවලට සුනාමි තර්ජනයක් නොමැති බැවින් ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන බව සඳහන් වේ.
භූමිකම්පාවෙන් සිදුවූ හානි හෝ වෙනත් බලපෑම් පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් තහවුරු වී නොමැත.

