BMW නඩුව : ජොන්ස්ටන්ට අත්හිටවූ සිරදඬුවමක් !

සටහන – රුවන් නෙළුගොල්ල

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් වරද පිළිගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට දඬුවම් නියම කිරීමේ තීන්දුව අද (25) පෙරවරුවේ ප්‍රකාශයට පත්කරන ලදී.

ඒ අනුව,

පළමු චෝදනාවට රුපියල් 5,000ක දඩයක් නියම කර ඇති අතර, එම දඩය නොගෙවන්නේ නම් මාස තුනක සිරදඬුවමක්
දෙවැනි චෝදනාවට රුපියල් 100,000 දඩයක් සහ මාස හයක ලිහිල් සිරදඬුවමක් නියම කර, එම සිරදඬුවම වසර පහකට අත්හිටුවීමටත්
තුන්වැනි චෝදනාවට රුපියල් 25,000ක දඩයක් නියම කර ඇති අතර, එම දඩය නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් සිරදඬුවමක්

වශයෙන් දඬුවම් නියම කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම නඩුවට අදාළව මෝටර් රථ පනත යටතේ වූ චෝදනා තුනකට ජොන්ස්ටන් ප්‍රනාන්දු වරද පිළිගත්තේ පසුගිය ඔක්තෝබර් 27 වනදා ය. නොවැම්බර් 11 වනදා ඔහුට මේ සම්බන්ධයෙන් දඬුවම් නියම කිරීමට නියමිතව තිබූ නමුත් එය අද දිනය දක්වා කල්ගොස් තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති වාසුදේව අල්ලස් කොමිසම හමුවට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද...

2027 ගැන අපිට විශ්වාසයි.තවදුරටත් සංචිත තවත් ඉහළ දමා ගැනීමට හැකිවේවි – මුදල් ලේකම්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2027 අයවැය මගින් ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන...

උතුරු හා නැගෙනහිර නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ ඉදිකළ තවත් නිවාස රැසක් විවෘත වෙයි.

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: 2026 වර්ෂයේදී රජයේ ආධාර...

චීනය ලංකාවේ පොලීසියට අතදෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන්ගේ ධාරිතාව සංවර්ධනය කිරීම...