පුත්තලම නගරයේ මාර්ගයක් අයිනේ පළතුරු වෙළඳාමේ නිරතව සිටි තරුණයෙකුට පහරදුන් පුත්තලම නගරාධිපති රින්සාඩ් අහමඩ් පුත්තලම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කර ඇත.
මෙම සිද්ධියට අදාළ නඩුව හෙට (30) දිනයේ කැඳවීමට නියමිත ය.
කෙසේවෙතත් නගරාධිපතිගේ ප්‍රහාරයට ලක්වූ තරුණයා රෝහල්ගතව සිටියදී පොලීසිය ඔහුව අත් අඩංගුවට ගෙන තිබූ අතර ඔහුව හෙට (30) දිනය දක්වා රිමාන්ඩ් භාරයට පත්කිරීමටයි ඊයේ (28) දිනයේදී පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියම කර තිබුණේ.
ඒ, ඔහු නගරාධිපතිවරයාගේ කැබ් රථයට ගලකින් පහරදී අලාභහානි කළ බවට නගරාධිපතිවරයා විසින් පොලීසියට කළ පැමිණිල්ලක් අනුව ය.
සබැඳි පුවත් –


