වී වගාවෙන් 1/3ක් ඉවත් කිරීමේ කතාව අමනෝඥ මෝඩ කතාවක් – විපක්ෂ නායක

අප රට සහලින් ස්වයංපෝෂිත සේම සහල් අතිරික්තයක් ඇති බවත් රටේ සමස්ත අස්වැන්න දිස්ත්‍රික වශයෙන් බලන විට වැඩිම අස්වැන්න අම්පාර හා අනුරාධපුර දිස්ත්‍රික්වලින් ලැබෙන බවත් අක්කරයකින් නිෂ්පාදනය කරන වී ප්‍රමාණය දෙස බලන විට අංක 1 හම්බන්තොට සහ අංක 2 පොළොන්නරුව දිස්ත්‍රික්කය බවත් මෙය හුදෙක් රැකියාවක් ව්‍යාපාරයක් ආදායම් මාර්ගයක් පමණක් නොව වීවගාව හා ගොවිතැන යනු වෙනමම සංස්කෘතියක් බවත් මේ සංස්කෘතිය නිර්මාණය කළේ පැරණි රජවරුන් අප රටේ වැව් බැදි රාජ්‍යයන් ගොඩනගා බවත් 1931 රාජ්‍ය සභාවට ඩී. ඇස්. සේනානායක මහතා පත්වන විට කෘෂි සහ ඉඩම් ක්ෂේත්‍රය භාර පුද්ගලයා ලෙස රජවරුන් අප රටට ලබා දුන් උතුම් සංස්කෘතිය වැව් බැදි රාජ්‍ය සහලින් ස්වයංපෝෂිත මාතෘභූමියට මහා දැවැන්ත කෘෂි ව්‍යාපාර ආරම්භ කරමින් කෘෂිකර්මාන්තයට නව ජීවයක් ලබා දුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඩී. ඇස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ. ආර්. ජයවර්ධන, මෛත්‍රීපාල සිරිසේන, දී.මූ. ජයරත්න වැනි නායකයන් කෘෂිකර්ම ඇමතිකම සේම ජනාධිපති අගමැතිකම් දැරුවත් වර්තමානයේ අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා එදා එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ කෘෂිකර්ම වාරිමාර්ග ඇමති ලෙස කටයුතු කර අද ජනාධිපති වී ඇති බවත් ඩී. ඇස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ. ආර්. ජයවර්ධන යනු ගොවියකුගේ පුත්තු නොවූවත් ඔවුන් රණසිංහ ප්‍රේමදාස, ගාමිණි දිසානායක සමග අත්වැල් බැදගෙන මහවැලිය ක්‍රියාත්මක කළ බවත් ජේ. ආර්. ජයවර්ධන සමයේ සමස්ත මන්ත්‍රී මණ්ඩලයම වප් මගුලට එක් වී දැවැන්ත බැදීමක් ගොවිතැනට තිබූ බවත් එදා ගොවි හමුදා බිහි කර ගොවිතැන ශක්තිමත් කරන්න ගොවි ජනතාව ආරක්ෂා කරන්න සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කෘෂිකර්ම ඇමතිකමින් රටේ රාජ්‍යයත්වය ලබා ගත් මේ නායකයන් කාෂිකර්මාන්තය විනාශ කරන්න, හකුලවන්න, සංකෝචනය කරන්න සහ කුඩා කරන්න කටයුතු නොකළත් 2019 දී මෙරට ගොවිජනතාව ගෝඨාභය රාජපක්ෂ හොඳ බවට තීන්දු කර ඔහුට ඡන්දය දී කාබනික පොහොර විනාශය තුළ මුළු කෘෂිකර්මාන්තයම වට්ටා දැමූ බවත් ඉන් පසුව 2024 අති මහත් බහුතර ගොවි ජනතාව ගොවියාගේ පුතා යැයි කියා අනුර කුමාර දිසානායක ජනාධිපති පුටුවට යැවූ බවත් මේ ගොවියාගේ ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමතිවරයා වී වගාව 1/3කින් අඩු කරන්න තීන්දු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද තිස්සමහාරාම ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

2019 කාබනික පොහොර දෙනවා කියා අසූචි පොහොර බාල පොහොර ලබා දී සමස්ත කෘෂිකර්මාන්තයම වට්ටවා දමා ඇති මොහොතක වත්මන් රජය ද වී වගාව ද 1/3කින් හකුලා දාන්න හදන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගොවි පවුල් ලක්ෂ 7ක් වී ගොවිතැනෙන් ඈත් කරන්න හදන්නේ

අප රටේ ගොවි පවුල් ලක්ෂ 21ක් වාර්ෂිකව අක්කර ලක්ෂ 20ක ගොවිතැන් කරන බවත් රජය කියන විදිහට අක්කර ලක්ෂ 6-7ක් පමණ වී ගොවිතැනෙන් ඉවත් කරන බවත් පවුල් ලක්ෂ 21න් පවුල් ලක්ෂ 7ක් පමණ වී ගොවිතැනෙන් ඉවත් කරන බවත් අක්කරයකින් වැඩිම අස්වැන්නක් ගන්න හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී ගොවියන් මේ විධානයට ලබා දෙන උත්තරය දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වී වගාවෙන් 1/3ක් ඉවත් කිරීමේ කතාව අමනෝඥ මෝඩ කතාවක්

දැන් මේ කරන පහත් නීච නින්ධිත නිර්ලජ්ජිත ක්‍රියාවට විරුද්ධව හඩ නගනවා සේම සමගි ජන බලවේග රජයක් තුළ විසදුම් දෙන බවත් වී වගාව 1/3කින් අඩු කිරීම ගොන් අමන කතාවක් බවත් අප රටේ පාරිභෝගිකයන්ගේ සහල් ඉල්ලුම මෙට්‍රික් ටොන් ලක්ෂ 25ක් බවත් වාර්ෂික සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්ෂ 34ක් බවත් මෙට්‍රික් ටොන් ලක්ෂ 9ක සහල් අතිරික්තයක් ඇති බවත් ඉන් මෙට්‍රික් ටොන් ලක්ෂ 5ක් විතර සෙසු නිෂ්පාදනවලට යොමු වන විට මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක අතිරික්තයක් ඇති බවත් මේ සඳහා විසදුම් ලෙස රටට ජාතික වී වගා කිරීමේ සැලසුමක් අවශ්‍ය බවත් සහල් ඉල්ලුමට අනුව වගා කටයුතු කළ යුතු බවත් අප රටේ සහල් ඉල්ලුමෙන් 76%ක් රතු නාඩු සුදු නාඩු බවත් 12%ක් සම්බා සේම 12%ක් කීරි සම්බා ඇති බවත් මේ වගා සැලසුම ඉල්ලුමට සරිලන ලෙස සිදුවිය යුතු බවත් මේ ඉල්ලුමට සරිලන ලෙස සහල් නිර්මාණය කර ඉතිරි වන අතිරික්තය අපනයනය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හාල් රටින් ගෙන්වන්නේ කොමිස් ගහන්න යැයි කියන රජයම අද හාල් රටින් ගෙන්වලා

මේ අය විපක්ෂයේ සිට කිව්වේ පිටරටින් සහල් ගෙන්වන්නේ කොමිස් ගහන්න පගා ගහන්න හොරා කන්න වුවත් ගොවියාගේ පුතාගේ ආණ්ඩුව පසුගිය වසර 2කට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ගෙන්වා ඇති බවත් රටේ නිෂ්පාදනය වැඩිය අතිරික්තයක්යැයි කියා සහල් පිටරටින් ගෙන්වා ඇති බවත් මේ රජය එදා කුඹූරට බැස ගොයම් කකා වී කිලෝවට රු. 150ක් දෙනවා කිව්වත් එවැනි ස්ථාවර මිලක් නොමැති බවත් දැන් ගබඩා සියල්ල පිරි ඇති බවට පවසන බවත් මේ නිසා වී වගාවෙන් 1/3ක් තහනම් කරන බවට රජය පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වත් මේ බොරුව සමාජගත කරන වැඩපිළිවෙළට හසුවෙන්න එපා

අද වන විට රටේ බොරුව සමාජගත කරන සමාජජාලා ඇති නිසා මේවා පස්සේ ගිහින් නැවතවරක් නොරැවටෙන ලෙස ඉල්ලා සිටින බවත් 2019 සේම 2024 දීත් රැවටී නැවත වරක් රැවටුනොත් ජන ජීවිත විනාශ වෙන බවත් කෘෂිකර්මාන්තය දියුණු කරන්න නම් නව තාක්ෂණය ගෙන ආ යුතු බවත් අඩු පිරිවැය වැඩි ගුණාත්මකභාවය හා කාර්යක්ෂමතාවෙන් ඉහළ අපනයනය කළ හැකි වගාවකට යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එදා ගොවියා රජවරු යැයි පවසා අද ගොවියා කසිප්පුකාරයා යැයි හංවඩු ගහනවා

එදා ගොවියා දෙවියා රජවරුන් ලෙස මේ රජය හඳුන්වා දැන් ගොවියා කසිප්පුකාරයන් ලෙස හඳුන්වා ඇති බවත් මඩ සෝදා ගත් කළ ගොවියා රජකමට සුදුසු යැයි කියන ප්‍රකාශය අද අදාළ වන්නේ පච කියමින් රජවීමේ අරමුණ බවට ආණ්ඩුව කියන බවත් පච කියන තරමටම රජවන බවත් එදා ගෝඨාභය රාජපක්ෂ රසායන පොහොර තහනම් කර අසූචි පොහොර දුන් නිසා ගෙදර යන්න වූ බවත් මේ වත්මන් රජයට වී ගොවිතැනට අත තියන්න ඉඩ නොතබන බවත් වැවයි දාගැබයි ගමයි පන්සලයි වෙනුවට අද ඇත්තේ පචයයි පැලවත්තේ බලාධිකාරයයි හිංසනයයි පීඩනයයි පමණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් රජයේ රාජ්‍ය භීෂණය යටතේ වෘත්තීය සමිති නායකයන් දඩයම් කරනවා

වත්මන් රජය මේ වන විට රාජ්‍ය භීෂණය රාජ්‍ය ත්‍රස්තවාදය හා තර්ජනය වෘත්තීය සමිති නායකයන් දඩයම් කිරීම පළිගැනීම ජනතාව මහපාරට බහින එක නවත්වන්න විවිධ තර්ජන ගර්ජන සිදු කරන බවත් ජනතාව පීඩනයෙන් දුකින් කණගාටුවෙන් සිටින බවත් එදා වේල් 3 පිරිමහගන්න දරු පරපුරට කිරිටික දී ගන්න නොහැකිව සහන දීගන්න බැරිව සිටින බවත් එදා විපක්ෂයේ සිටින විට ජනතාව පීඩනයට ලක් වන විට ජනතාවට ආයාචන කර කම්කරුවාගේ කරපිටින් රජපුටුවට ගොස් බොරුවෙන් රජවී වැඩ කරන ජනතාවගේ පීඩනය අවම කරන්නට කටයුතු නොකරන විට ජනතාවට පාරට බහින්න අයිතියක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද රාජ්‍ය පීඩනය තුළ කම්කරු ජනතාව දඩයම් කරන බවත් ආනන්ද පාලිත මහතාට යුක්තිය පසිදලීම නීතියේ ආධිපත්‍ය තුළ සාධාරණය ඉටුවන බවත් වැඩ කරන ජනතාව කම්කරු ජනතාව වෙනුවෙන් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයකු ලෙස එතුමා හඩ නැගු බවත් යුක්තිය පසිදලීම අධිකරණයේ ස්වාධිනත්වය තුළ ආනන්ද පාලිත මහතාට සාධාරණය ඉටු වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

‍කාටවත් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් හෝ ප්‍රභාකරන්ව සමරන්න අයිතියක් නැහැ

අද වන විට ලොකුවට විවිධ සැමරුම් ගැන කතා කරන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රටේ උත්තරීතර නීතියේ සදහන්ව ඇති ආකාරයට ඒකීය භාවය සෛරීත්වය ස්වාධිපත්‍ය රටේ නිදහසට කාටවත් අත තියන්න නොහැකි බවත් පාර්ලිමේන්තුවේ 225ම ඊට අදාළව දිවුරුම් දී ඇති බවත් කිසිදු දිනක එල්ටීටීඊ කොඩිය හො ප්‍රභාකරන් ත්‍රස්තවාදියා සමරන්න අයිතියක් නොමැති බවත් ඔහු බෙදුම්වාදය ක්‍රියාත්මක කරන්න ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළ ත්‍රස්තවාදියකු නිසා ඔහු සැමරිම යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර නීතිය උල්ලංඝනය කිරීම බවත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක විය යුතු බවත් මියගිය අය සැමරීම තුළින් කොටි ත්‍රස්තවාදීන් සමරන්න කොටි කොඩිය සමරන්න අයිතියක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සැමටම එකයි. කාටවත් එය උල්ලංඝනය කරන්න බැහැ

රටේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අකුරටම ක්‍රියාත්මක කරන්න කටයුතු කළ යුතු බවත් එසේ නොවන විට විවිධ පුද්ගලයන් විවිධ දේ කරන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරියට ක්‍රියාත්මක වන විට සෛරීත්වය භෞමික අඛණ්ඩතාව රැකෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයම අනුගමනය කළ යුතුයි

බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි අත්තානමේව පඨමං පතිරූපේ නිවේසයේ අථඤ්ඤමනුසාසෙය්‍ය න කිලිස්සෙය්‍ය පණ්ඩිතෝ එනම් අනුන්ට බණ දේශනා කරන්නට පෙර තමන් සුදුසු ගුණයේ පිහිටා කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ තවත් අවස්ථාවක සහස්සමපි චෙ වාචා – අනත්ථපදසංහිතා ඒකං අත්ථපදං සෙය්‍යෝ – යං සුත්වා උපසම්මති යනුවෙන් දේශනා කළ පරිදි දුක පව වැරදි දේ නිර්මාණය කරන වචන දහසකට වැඩිය ගුණ නිර්මාණය කරන කෙලෙස් දුරලන තනි වචනය වැදගත් බවත් මේවා වටිනා ධර්මානුසාසනා බවත් අසාරේ සාර මතිනෝ, සාරේ ච අසාර දස්සිනෝ; තේ සාරං නාධිගච්ඡන්ති, මිච්ඡාසංකප්පගෝචරා ගාථාව තුළින් සරුදේ සරු ලෙසත් නිසරු සේ නිසරු ලෙස දකින ලෙස පවසන බවත් නරක දේ හොද ලෙස හා හොද දේ නරක ලෙස දකින විට කෙලෙස් නිර්මාණය වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් දින කිහිපයකට පසු ධර්ම දූත සේවයේ තවත් 61 නමක් සමග යෙදෙන විට චරථ භික්ඛවේ කම්මං වදාමි බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාං යන දේශනාව තුළින් මහනෙනි ධර්ම චාරිකාවේ නියැලෙන විට බහුතරයකගේ සුබසිද්ධිය උදෙසා බහුතරයකගේ සෞභාග්‍ය උදෙසා සුරක්ෂිතභාවය උදෙසා භෞතික දියුණුව ආධ්‍යාත්මක දියුණුව ආධ්‍යාත්මක ගුණ වගාව ඇති වන ආකාරයට ධර්ම චාරිකාවේ නියැලෙන ලෙස දේශනා කළ බවත් එම නිසා රජයත් බුදුන් වහන්සේගේ දේශනා අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් චක්කවත්ති සීහනාද සූත්‍රය, කූඨ දන්ථ සූත්‍රය, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය ආදී සූත්‍රවලින් බුදුන්වහන්සේ දේශනා කර ඇත්තේ ජනතාව ආරක්ෂා කිරීම, දුප්පත්කම තුරන් කිරීම ආර්ථික සෞභාග්‍ය උදා කිරීම, අන්කිසිවකුට හිරිහැර නොකිරීම, විනයානුකූල සාමකාමී ශිෂ්ටසම්පන්න ප්‍රබුද්ධ ප්‍රශස්ත ජන ජීවිතයක් නිර්මාණය කිරීම සෑම පාලකයකුගේම රජවරයකුගේම යුතුකම බවත් සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං බුදුරජාණන් වහන්සේ දේශනා කළ බවත් මේ ධර්මය අප අමතක නොකළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ අවසන් දිනය දෙසැම්බර් 14 දක්වා දීර්ඝ කෙරේ.

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: 2025/2026 තක්සේරු වර්ෂය සඳහා...

නැගීඑන ආසියානු ක්‍රිකට් අවසන් මහා තරගය: ශ්‍රී ලංකාවට ලකුණු 217ක ඉලක්කයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී...

පුත්තලමේ මැර නගරාධිපති අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහරී. පහර කෑ තරුණයා රිමාන්ඩ්

පුත්තලම නගරයේ මාර්ගයක් අයිනේ පළතුරු වෙළඳාමේ නිරතව සිටි තරුණයෙකුට...

ස්පාඤ්ඤයේ හදිසි මහ මැතිවරණය ඇරඹෙයි! අගමැති පේද්‍රෝ සැන්චෙස්ට අභියෝගාත්මක සටනක්!

සටහන – පුලීනොවැම්බර් 29, LNW (කොළඹ): ස්පාඤ්ඤයේ හදිසි මහ මැතිවරණය...