රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW:
2025/2026 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ අවසන් දිනය දෙසැම්බර් 14 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.
මුලින් නියම කර තිබුණේ බදු ගෙවන්නන් විසින් නොවැම්බර් 30 වැනිදාට පෙර තම බදු වාර්තා ඉදිරිපත් කළ යුතු බවයි.
දෙසැම්බර් 14 වැනිදා හෝ ඊට පෙර බදු වාර්තා ඉදිරිපත් කරන බදු ගෙවන්නන්, නියමිත මුල් දිනට පසුව වාර්තා ගොනු කිරීම හේතුවෙන් දඩ මුදල්වලට හෝ නීතිමය ක්රියාමාර්ගවලට මුහුණ දීමට සිදු නොවනු ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.


