හංසනට මොකද වුණේ?

Date:

ස්පාඤ්ඤයේ පැවත්වෙන අවුරුදු 23 න් පහළ ලෝක මල්ලව පොර සූරතා තරගාවලියේ කිලෝ ග්‍රෑම් 57 බර පංතියෙන් තරග වැදුණ ශ්‍රී ලංකාවේ හංසන මධුශංඛ රොඩ්‍රිගෝ එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමේ තරගයකට සුදුසුකම් ලබා ගත්තත් එම තරගයට සහභාගිවීමට ඔහු පැමිණියේ නැහැ.ඒ නිසා ප්‍රතිවාදී කිර්ගීස්තානයේ බෙක්ෂාට් අල්මාෂ්ට නිතරඟ ජයක් හිමි වුණා.

හංසනට එම අවස්ථාව හිමි වුණේ මල්ලව පොර සංස්කෘතියට අනුව ඔහු රන් පදක්කම සඳහා වන තරගයට සුදුසුකම් ලබා ගත් ඉන්දියාවේ අමාන් අමාන් ට පරාජය වීම නිසාය. ඒ අනුව අමාන් ට පරාජය වූ කර්ගිස්තාන ක්‍රීඩකයා සහ හංසන අතර ලෝකඩ පදක්කම සඳහා වන එක් තරගයක් පැවත්විමට නියමිත වූ අතර ඊට පෙර ඒ් සඳහා ඒ්මට හංසන සුදුසුකම් ලබා ගත්තේ ජපන් ක්‍රීඩක ටොෂියා අබේ සමඟ වූ තරගයෙන් නිතරග ජයක් ලබමින්ය.
හංසනගේ පුහුණුකරු සමන් කුමාර තරගාවලියට සහභාගි වී නැති අතර අප ඔහුගෙන් හංසනගේ සහභාගී නොවීම ගැන විමසා බැලුවද ඔහු ඒ ගැන කිසිවක් නොදන්නා බව ප්‍රකාශ කළේය.මල්ලව පොර සංගමයේ සභාපති සරත් හේවාවිතාරණ ද ඒ ගැන නොදන්නා අතර ඔහු පැවසුවේ තරගාවලියට ඒක්ව සිටින සංගමයේ ලේකම් අජන්ත රත්නායක හෝ ඒච්.ඒම්.ඩී.ක්‍රිෂාන්ත සම්බන්ධ කරගන්නා ලෙසය.

මේ දක්වාම අප එම නිලධාරීන් දෙදනා වට්ස්ඇප් මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය සාර්ථක වූයේ නැත.මීට පෙර පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සහභාගි වීමේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම පුහුණුකරුවන් නිලධාරීන් වැනි කොටස් ද කණ්ඩායමෙන් අතුරුදහන් විය.එහෙත් හංසන ගැන තවම කිසිවක් ලංකාවේ සිටින ඔහුගේ පුහුණුකරුට හෝ මල්ලව පොර නිලධාරින්ට දැණුම් දෙන්නට කිසිවෙක් කටයුතු කර නොමැත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...