ඕවා සාමාන්‍ය දේවල්, අපි එච්චර ගණං ගන්නෙ නෑ – රවීගේ චෝදනාවලට මෛත්‍රීගෙන් ප්‍රතිචාර

Date:

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා තමන්ට එරෙහිව එල්ල කළ චෝදනා තමන්ට අසන්නට නොලැබුණු බවත් ඒ ගැන තමන් ද සොයාබැලීමට බලාපොරොත්තු වන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ප්‍රශ්නය – හිටපු මුදල් ඇමතිතුමා ඊයේ ඔබතුමාව දැඩි විවේචනයකට ලක් කළා ?

“කවුද ?”

ප්‍රශ්නය – රවී කරුණානායක මහතා ….

“මොකක්ද ? මම දන්නෙ නැහැ …”

ප්‍රශ්නය – ඔබතුමාගෙ ෆයිල් වගයක් තියෙනවාලු එතුමා ගාව ?

“මං අහගෙන හිටියෙ නෑ. මම ඊයෙ රෑ වෙලා ආවෙ රත්නපුරේ ඉඳලා. මාත් බලන්න ඕනෙ හොයලා මොනවද කියලා …”

ප්‍රශ්නය – ඉදිරියේදී ඔබතුමාගෙ සියලුම තොරතුරු හෙළිකරනවා කියලා කියනවා ?

“මේ දේශපාලන ලෝකයේ හරි අර්බුද නෙ ඉතින්. හරි ව්‍යාකූලයි. ඉතින් ඕවා සාමාන්‍ය දේවල්. ඕවා ප්‍රශ්න නෙවෙයි. ඕවා අපි එච්චර ගණං ගන්නෙ නෑ ….”

ප්‍රශ්නය – හිටපු මුදල් ඇමතිතුමානෙ මේ කියන්නෙ ?

“හරි, හරි, හරි … ඕනෙ කෙනෙක් කියපුවාවෙ …. ඕනෙ කෙනෙක් කියපුවාවෙ …”

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (12) පැවති ශ්‍රීලනිප රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පෙරේදා දිනයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක ප්‍රකාශයක් සිදුකළ අතර මූල්‍ය අක්‍රමිකතා ඇතුළු චෝදනා ගණනාවක් ද එල්ල කළේය. ඒවා සම්බන්ධයෙන් තමන් සතුව සාක්ෂි පවතින බවත් පැවසූ කරුණානායක මහතා ඒ පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට අභියෝගයක් ද එල්ල කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...