China’s Influencer Factories නොහොත් නූතන අන්තර්ජාල වහල් වෙළඳාම

Date:

චීනය තුළ සමහර බටහිර සමාජ මාධ්‍ය ජාල තහනම්ව පැවතුණ ද අධික ජනගහණයක් පවතින එරට, ඔවුන්ගේ ම සමාජ මාධ්‍ය වේදිකා සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී.

එම සමාජ මාධ්‍ය ජාලා තුළ භාණ්ඩ සහ සේවා අලෙවිය පිණිස Influencer චරිත බිහි කරන චීන සමාගම් වෙත තරුණියන් යොමු වන්නේ දහස් ගණනිනි.

අනාගත දිනෙක අන්තර්ජාල වෙළඳපොළෙහි බබලන තාරකාවක් වීම සඳහා ද ගනුදෙනුකරුවන්ගෙන් කිසියම් හෝ සන්තෝසමක් ලබා ගැනීම සඳහා ද සිහින දකින එම තරුණියන් අවම පහසුකම් පවා රහිත කුකුළු කූඩුවක් බඳු ගොඩනැගිල්ලක කුඩා ඉඩක් වෙන් කරගෙන Live Streaming සඳහා පුහුණුව ලබති.

හැකියාව විසින් නොව දෛවය විසින් අනාගතය තීරණය කරන වෘත්තියක් වෙනුවෙන් කැමරා කෝණය පපුව වෙත එල්ල වන සේ පෙළට බිම වාඩි වී පුහුණු වන තරුණියන්ගේ මෙම ඡායාරූපය මෙහි වදනින් නොපැවසූ බොහෝ දෑ ඔබ හට පවසනු ඇත.

~සහන් කසීර වික්‍රමසිංහ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 14 ක සිර දඬුවමක් නියම වූ පාකිස්තානයේ හිටපු ඔත්තු සේවා ප්‍රධානී ෆයිස් හමීඩ්..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ හිටපු ඔත්තු...

Brown University අසල වෙඩි තැබීමක් : දෙදෙනකු මිය යයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ රෝඩ්...

Messi ගේ ඉන්දීය සංචාරය මෙසී වෙයි!

සටහන – පුලී දෙසැම්බර් 14, කොළඹ (LNW): කොල්කටාවේ සෝල්ට් ලේක්...