වැස්ස තරමක් අඩුවෙයි …

දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය තරමක් දුරට අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...