එක්සත් ජාතික පක්ෂයට එක් වීමට කැමැත්ත පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහො දෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සිටින බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
ඔවුන් එජාපයට එක්වීමට කැමැත්තෙන් සිටින නමුත් ඔවුන් එජාපයට එක්වන කාලවකවානු දැනට නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බවයි ඒ මහතා සඳහන් කළේ.
එජාප මහලේකම්වරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40 දෙනෙකු එජාපයට එක්වීමට නියමිත බවට පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණු පුවත පිළිබඳ විමසීමේදී ඊට පිළිතුරු ලබාදෙමිනි.
RN