*
Thursday, April 18, 2024
spot_img

Latest Posts

නෙළුම් යාය සමාජ සත්කාර : ළමා පෝෂණ වැඩසටහන ඇරඹෙයි

නෙළුම් යාය අපේම මිනිසුන් වෙනුවෙන් සරණක් සහයක් අවැසි තැන සමාජ සත්කාරක වැඩසටහන් හරහා අවස්ථා රැසකදී ශක්තිමත් අත්වැලක සහෝදර සත්කාරය ලබා දුන්නෙමු.

මේ වන විට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල උද්ධමනය සියයට 35 සිට සියයට 200ය දක්වා පරාසයක පැමිණ තිබීම හේතුවෙන් ඉදිරියේදී මිනිසුන්ට ප්‍රථමයෙන් ම ආහාර හිඟයකට මුහුණදීමට සිදු වනු ඇත. තත්වය මෙසේ වන හෙයින් ශ්‍රී ලංකාවේ සිටින අවුරුදු 5ට අඩු ළමයින්ගේ 17%ක් මේ වනවිටත් මන්දපෝෂණයෙන් පීඩා විඳින බව වාර්තා වේ. විශේෂයෙන් දරුණු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 56,000ක් හඳුනා ගෙන ඇති අතර කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසන ආකාරයට රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදයත් සමඟ ජනතාව ආහාර ගැනීම සීමා කිරීමට පෙලඹීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව අනුමාන කරන බවයි.

ඒ අනුව ;

අප මෙවර නෙළුම් යාය පදනම මඟින් කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අන්නාසිගල සිඟිති පෙර පාසලේ දරුවන්ගේ දිවා ආහාරයට පෝෂණීය සහයක් ලබා දීමේ අරමුණින් ඔවුන්ට සතියට දින දෙක බැගින් බිත්තර සහ යෝගට් ලබාදීමේ සමාජ සත්කාරක පෝෂණ වැඩසටහනක් ඇරඹීමු.

එහෙයින් ;

දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් වෙනුවෙන් ශක්තියක් අවැසි තැන අප මෙලෙස ඔවුන්ට ශක්තියක් වුනෙමු. මේ වෙනුවෙන් සියලුම බරපැන නෙළුම් යාය පදනම විසින් දරණු ලැබූ අතර මේ සමඟ අප ඔබටත් විවෘත ආරාධනයක් කරනුයේ දරුවන්ගේ පෝෂණ නිවන්නට අප සමඟ අත්වැල් පවුරු බඳින ලෙසයි. එවිට ඔවුන්ගේ සතුටු මුහුණු ඔබටද දැකිය හැක.

අද මෙන්ම හෙටත් අපි ඔවුන්ට දෝතපුරා ආදරය අරන් යන්නෙමු.

නෙළුම් යාය පදනම_

RN

සබැඳි පුවත් –

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan