*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

ඉන්දියාවේ ක්‍රිකට් පඩි සම වීමේ ගමණේ මංගල ලකුණ – මිතලි රාජ්

දකුණු ආසියාතික රටවල තිබෙන්නේ පුරුෂ මූලික සමාජයක්.එහි වඩාත්ම නරක පැත්ත වන්නේ පිරිමින්ට තරම් කාන්තාවන්ට නොහැකිය යන්න ඔවුන්ගේ චින්තනයට බද්ධ වී තිබීමයි.මේ නිසාම පුරුෂයන්ට වඩා පහළින් තබා ගැහැණිය ගැන සිතීමේ පිරිමි ඔළුව පිරිමියාටම පමණක් නොව ගැහැණියට ද සම්බන්ධයි.මේ තත්ත්වය ක්‍රීඩාවටත් අදාළයි.කාන්තා දේශපාලන නායකයන් මේ රටවල දක්නට ලැබුණත් ඒ අය එන්නේ ද පිරිමි හෙවණැළි ලෙසයි.
දකුණු ආසියාවේ ක්‍රීඩාවේ තත්ත්වය ද එබඳුයි.කාන්තා සහ පිරිමි ලෙස ලිංගමය වශයෙන් ද පහසුකම් අතින්ද වෙනස් කර සැළකීමක් දකින්නට ලැබෙනවා.ලංකාවේ ජාතික ක්‍රීඩාව වූ වොලිබෝල් ගත් විට ශ්‍රී ලංකාව දකුණු ආසියාතික මට්ටමෙන් හෝ රන් පදක්කමක් ලබා තිබෙන්නේ කාන්තා වොලිබෝල් අංශයෙන් වුවත්,තවමත් ඔවුන්ට ඒ සඳහා පොරොන්දු වූ පරිදි ලබාදීම්වලට රජය පමණක් නොවේ වොලිබෝල් පරිපාලනය ද කටයුතු කර නැහැ.
මේ වෙනුවෙන් සටන් කරන සටන් කරමින් ඉදිරියට ගමන් කරන කාන්තාවන් මේ කළාපයේ සිටිනවා.දකුණු ආසියාව අද ලෝකයමට ක්‍රිකට් ක්‍රීඩාවෙන් අභියෝග කරමින් සිටියත් ඒවා පිරිමි ජයග්‍රහණවලින් නවතින්නේ පිරිම් ක්‍රිකට්වලට තරම් කාන්තා ක්‍රිකට්වලට නොසළකන බැවින්.මේ තත්ත්වයට විරුද්ධවීමට අයිතියක් නැති බව සිතන කාන්තාමය චින්තනය ද ඒ තත්ත්වය ඉවසා වැදෑරුවත් ජාතික නියෝජනය කියන වචනයට හිමි ගෞරවය රටකින් ලැබිය යුතු බව සිතන කාන්තාවන්ද සිටිනවා.එවැනි කාන්තාවක් තමයි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකා මිතලි රාජ්.ලෝකයේ බිහි වූ සුපිරිම පිතිකාරිණියක වන මිතලි ඇයගේ ජාතික කණ්ඩායමේ අවසාන භාගය ගෙවා දැමුවේ පිතිකරණ පුහුණුකාරිණිය ද ලෙසයි.

එක්දින,විස්සයි විස්ස සහ ටෙස්ට් යන තෙ’අංශයෙන්ම වාර්තාගත දස්කම් දක්වා ඇති ලොව බිහි වූ අති විශිෂ්ඨ පිතිකාරිණියක වන මිතලි වසරේ විස්ඩන් ක්‍රීඩිකාව ලෙස ද සම්මාණයට පාත්‍ර වී තිබෙනවා.ඉන්දියාවේ පුරවැසියෙකුට ලැබිය හැකි ඉහළම රාජ්‍ය සම්මාන සියල්ලම ද ලද මිතලි රාජ් ඒ සඳහා පැමිණි ගමන වැදගත් වෙන්නේ ගසාගෙන ආ අතට ඉදිරියට තල්ලුවෙමින් ගත් ජයග්‍රහණ නොවී ඒවා සියල්ල උඩුගං බලා පිහිනා,සැඩ රළ මැඩ ලැබූ ජයග්‍රහණ වීම නිසයි.
ඇය ක්‍රීඩා කරන්න පටන් ගන්නා ඉන්දීය ජාතික කණ්ඩායම අවර ගණයේ සැළකිලි ලැබූ කණ්ඩායමක්.සිය පළමු සංචාරයට එකතුවෙන විට ඔවුන්ට සිඳු වුණේ ගුවන්තොටුපළේ දී සිය බෑග්වල බර අඩු කරන්න.ඔවුන් බෑග් බිම දමාගෙන බර අඩු කරමින් තමන්ගේ දේවල් ඉවත් කරද්දී,ඉන්දීය පිරිමි කණ්ඩායම ඒ ගුවන් තොටුපළෙන්ම මහත් හරසර මැද නික්ම යනවා.අඩුම තරමේ ඉන්දීය කාන්තා ජාතික කණ්ඩායම කවුද යන බවවත් ජනතාව දැනගෙන හිටියේ නැහැ.ඒ වගේම ඉන්දියාව නියෝජනය කරන කාන්තා ක්‍රිකට් කණ්ඩායම කියා සමාජයේ කිසිඳු පිළිගැනීමක් තිබුණෙත් නැහැ.



ආහාර, ඇඳුම්,ක්‍රීඩා උපකරණ,ගෙවීම් පමණක් නොවේ කාන්තාවන්ගේ මූලික අවශ්‍යයතාවයන් හෝ සපයා ගන්නට ක්‍රමයක් තිබුණේ නැහැ.ෂබාස් මිතූ ලෙස සිනමාවට නැඟුණු ඇයගේ ජීවිත කතාවේ කාන්තා ක්‍රීඩිකාවන්ට මුත්‍රා කිරීමට තැනකට යාමට නොහැකි නිසා පාරෙ උස්ව ගස් වැවුණු බිමක ඔවුන් මුත්‍රා කරනවා.මේ තත්ත්වය තමයි ඇත්ත.ක්‍රීඩා කරන්නට ඇඳුම් ඉල්ලූ විට ඔවුන්ට ලැබෙන්නේ පිරිමි කණ්ඩායමට සකස් කළ ඒ නම් සහිත ඇඳුම්.කාන්තාවන් දෙවන මට්ටමේ පුරවැසියන් සේ සැළකීම මෙන්ම ඔවුන්ට පිරිමි තරමට හැකියාවන් නොමැති බව විශ්වාස කරන පිරිමි මානසිකත්වය විසින් තලා බිඳ දමන, කාන්තා ක්‍රිකට් අයිතීන් වෙනුවෙන් ක්‍රිකට් නායිකාව ලෙසත්,ක්‍රීඩිකාවක ලෙසත්,රටක් නියෝජනය කරන්නියකට තිබිය යුතු ගෞරවය දිනා ගැනීමටත් මිතලි සටන් කරනවා.
ඇය කණ්ඩායමට එකතුවන මුල් අවස්ථාවේදී ඇයව පිළිනොගන්නා ක්‍රීඩිකාවන් ඇයගේ නායකත්වය අපේක්ෂා කරන මට්ටමට ඇය දක්ෂ යැයි පෙන්වනවා.එසේම ඇය කණ්ඩායම් හැඟිමෙන් යුත් කණ්ඩායම කෙරෙහි බැදුණු කැපවීමක් සහිත අයෙක් බවත් තහවුරු කරනවා.ඒ නිසාම පිරිමි ඇඳුම් දුන් අවස්ථාවක කණ්ඩායම එකතු වී සිය ඇඳුම් සකස් කරගෙන ඉන්දීය ක්‍රිකට් පාළකයන් ඉදිරියේ පිරිමි නම් සහිත ඇඳුම් උනා දමා විරෝධය ප්‍රකාශ කරන කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් මිතලි වටා එකතු කර ගන්නව පිටියේදි ජයග්‍රහණ වෙනුවෙන් එකා මෙන් සටන් කරන කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් සහ සිය අයිතීන් වෙනුවෙන් පිටියෙන් බැහැර පරිපාලනයට අභියෝග කරන පෞරුෂයක් සහිත කණ්ඩායමක් බවට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම පත්වෙනවා.
රට නොදන්නා පුරවැසියන් ඔවුන් ගැන කතා කරන්න ගන්නවා.මාධ්‍ය පිරිමි කණ්ඩායමට දෙන ගෞරවයම ප්‍රචාරයම ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමටත් ලබා දිය යුතු බවට ස්වීය හැසිරීම වෙනස් කර ගන්නවා.2005 දී සහ 2018 දී මිතලි ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්දින ලෝක කුසලාන අවසන් තරග දෙකකට රැඟෙන එන්නට නායකත්වය ලබා දෙනවා.

මිතලි කුඩා කාලයේ අපූරු නර්ථන ශිල්පිණියක් වන ලකුණු පහළ දැරියක්.ඇයගේ මිතුරිය වූ නූරි පිරිමින් හා සමව ගැටෙන,සුළු සිඳුවීමකදී වුව පහර දෙන ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි බැදුණ අයෙක්.දඟකාර ඇයඟේ දඟකම් නැවත්වීමට නර්තනයට සහ මිතලි ගේ ඇසුරට යොමු කරන නූරි වෙනුවට අවසානයේ ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්වෙන්නෙ මිතලියි.ඇය නර්තණයෙන් ලැබූ නමණියත්වය සහ පාද චලනය බොහෝ විට ඇය පිතිකාරිණියක සේ සාර්ථක කරන්නට ඇති බව සිතිය හැකියි.එසේම ඇයව නිවැරදිව කියවා ගන්නා ඔහුගේ පුහුණුකරු සම්පත් ඉතා උනන්දුවෙන් මෙන්ම දැඬි ක්‍රියාමාර්ග ගනිමින් ඇයව මෙහෙයවන ආකාරයත් අපූරුයි.
ගුවන් හමුදා නිලධාරියෙක්ගෙ දියණියක සේ වැඩෙන මිතලිට නූරි ට නොවුණු සමාජ අවබෝධයක් සහිත පවුලක් .තිබුණා.පවුලේම ඇතැම් සාමාජිකයන් සිටියේ කාන්තාව දෙවන තැන තබා වැඩ කරන තැනෙක වුවත් අම්මාත් තාත්තාත් ඇයගේ දස්කම් ගැන කියවා ගත් පුහුණුකරු සම්පත් සමඟ එක්ව කටයුතු කරන්නට තීරණය කර තිබුණා. සම්ප්‍රදාය ඇතුළෙ ඇය දැඬිව හිර වුණේ නැහැ.නූරි ඇයගේ ක්‍රීඩා ජීවිතයට හානියක් වේ යැයි නොදන්වා සිය පවුල් සම්ප්‍රදාය ඇතුළේ ඉක්මණින් දීග ගියත් මිතලි අදටත් තනිකඩයි.ඇය සමස්ත ඉන්දියාවේම කාන්තා ක්‍රිකට් වෙනුවෙන් තමන්ගේ විවාහය වැනි කරුණු කැප කළ ක්‍රීඩිකාවක්.
“තරුණ කාලෙ එහෙම හැඟීමක් අවශ්‍යයතාවයක් තිබුණා,දැණුනා.අද නැහැ.අද මම සතුටින් ඉන්න තනිකඩ ගැහැණියක්.”

එහෙම කිව්වට ඉතාම ඉහළ දස්කම් සමඟ සිටියදී,අලුත් පරපුරට ඉඩ සැකසීම වෙනුවෙන් ඉවත්වන මිතලි රාජ් ට තවමත් අවුරුදු 39 යි.මිතලි ගැන ලිව යුතුම දවස මේ මොහොත වන්නේ ඇය ඉන්දීය කාන්තා ක්‍රිකට් වෙනුවෙන් කළ අරගලයේ වැදගත්ම තැනකට ඉන්දීය කාන්තා ක්‍රිකට් පැමිණ තිබීමයි.එය දවසකින් පැමිණි ගමණක් නොවේ.විශේෂයෙන් මිතලි රාජ් සිය කණ්ඩායම ද එකතු කරගෙන සැබවින්ම රටේ කාන්තා ක්‍රිකට් ඉහළට ඔසවන්න ගත් මහන්සියේ ප්‍රතිපලය යි.



මේ මොහොතේ ඉන්දීය කාන්තා සහ පිරිමි ක්‍රිකට් කණ්ඩායම්වල තරග ගෙවීම් සමාන කරන්නට ඉන්දීය ක්‍රිකට් පාළකයන් තීරණය කරනවා.ජාතික නියෝජනයට ලිංග බේදය සම්බන්ධ කර වෙනස් කර සැළකීම වෙනුවට සමාන පිළිගැනීමක් ගෙන ඒම සඳහා මිතලි කර සටනේ වැදගත්ම සංධිස්ථානයකට පිවිස සිටින අවස්ථාවේ ෂබාස් මිතූ සිනමාපටයේ තාප්සි පන්නු පන දුන් මිතුලිගේ චරිතය යළි යළිත් සිහි වෙනවා.අපිට මිතලි කෙනෙක් අවශ්‍යයව ඇති බව ලංකාවේ කාන්තා ක්‍රිකට් ගැන සිතන විට හිතට දැනෙනවා.දක්ෂ එමෙන්ම පොදු හැඟීමකින් වැඩ කරන,පුළුල් නිර්මාණශිලී දක්ෂතාවයක් සහිත පාළකයන්ට යෝජනා පමණක් නොවන සැළසුම් ඉදිරිපත් කළ හැකි මඟපෙන්වන්නෙක් අවශ්‍යය වෙනවා.ඊට මේ දක්වා පවතින වශාලම බාධකය ලංකාවේ කාන්තා ක්‍රිකට් බිම් මට්ටමේ සිට මෝරා වැඩෙන එකක් නොවීමයි.නමුත් දැන් දැන් කාන්තා ක්‍රිකට් සිව් අතට ව්‍යාප්ත වෙමින් අධ්‍යාපනයත් සමඟ ගමන් කිරීම නිසා ඉතා මෑත අනාගතයේ දී අපටත් මිතලි කෙනෙක් දකින්නට ලැබෙනු ඇතැයි සිතිය හැකියි.
මේ වෙනස්කම් වල මුල වන මිතලි වැටුප් සමවීම ගැන තීරණය හඳුන්වන්නේ ඓතිහාසික වැදගත්කමක් ඇති තීරණයක් ලෙස යි.එසේම ඇය එළැඹෙන වසරේ ආරම්භ කරන්න නියමිත කාන්තා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ගැනත් බලාපොරොත්තු පෙරදැරිව කතා කරනවා.සමහර විට මිතලි ඒ තරගාවලියේදි ක්‍රීඩා කරනු දකින්නත අපට ලැබෙයි.නැත්නම් ඇය එහි ඊට වඩා වගකිවයුතු චරිතයක් වන්නටත් පුළුවන්.කෙසේ හෝ මිතලි ආරම්භ කළ සටනේ මේ දක්වා ලැබූ සම වැටුප් හිමිවීමේ ජයග්‍රහණයට අනුව වැටුප් හිමිවන ආකාරයත් මාධ්‍ය මඟික් හෙළිදරව් කර තිබුණා.පහත දැක්වෙන්නේ ඒ දත්තයි.

ටෙස්ට් සඳහා ඉන්දියානු රුපියල් 1,500,000 (£15,724), එක්දින ජාත්‍යන්තර තරග සඳහා 600,000 (£6,289) සහ විස්සයි20 ජාත්‍යන්තර තරග සඳහා 300,000 (£3,145)
ඉන්දීය කාන්තා ක්‍රිකට් ඉදිරියට තබන හැම පියවරකදීම “ෂබාෂ්” යැයි ආශිර්වාද කරන්නට නිරන්තරෙයන් මතකයේ තබා ගත යුතු මිතලි දේවරාජ් නම් වූ හින්දු බැති පවුලකින් නිර්මාණය කරන ලද මේ සුවිශේෂි ක්‍රීඩිකාව ගැනපිටියේ ක්‍රීඩා නොකරත් ලියන්ට කතා කරන්නට ක්‍රිකට් කතා ඉදිරියටත් නොනැවතී එකතුවනු සැක නැත.හැකිනම් කඳුළු සඟවාගෙන “ෂභාෂ් මිතූ” නරඹන්න.ක්‍රීඩකයෙක් නොවුණත් දිරිමත් මිනිසෙක් සේ නොසැලී පෙරමුණට යන්න එයින් ඔබට යම් ඉඟියක්,මඟක් දකින්නට හැකිවනු ඇත.

කාන්තා ක්‍රිකට් ලෝක ඉතිහාසයේ බිහි වූ සුවිශේෂිම පිතිකාරිණියක් බවට අවිවාදිත මිතලි රාජ්,ඇතැම් අයට අනුව ලේඩි තෙන්දුල්කාර් විය.හැබැයි ඇයගේ සියලු ශක්තීන් එකතැන් වූ ක්‍රීඩකයන්ද දුර්ලභය.ඒ නිසා දිනෙක ක්‍රීඩා පිටියේ තරගය වෙනුවෙන් ද,ඉන්පිටත ක්‍රීඩාවේ සහ ක්‍රීඩකයාගේත්,ජාතික නියෝජනයේත් අභිමානය සහ ජයග්‍රහණයට කැපවන්නෙක්ට, “මිස්ටර් මිතලි” කියන්නට ඇති ඉඩද විශාලය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan