මගේ පුතා යාල ගියේ නෑ. දේශපාලනයෙන් අයින් වෙන්න වුණත් මම සූදානම් – අමරවීර (VIDEO)

Date:

ජීප් රථ 32කින් යාල වනෝද්‍යානයට ඇතුළු වී එහි වන සතුන්ට හිංසා වන පරිදි හැසිරීමේ සිද්ධියට තමන්ගේ පුත්‍රයා කිසිසේත්ම සම්බන්ධ නොමැති බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

“මේ ජීප් රථ වැඩි ප්‍රමාණයක් මීට පෙර ඉන්ධන ප්‍රශ්නය තියෙන වෙලාවේ කුරුණෑගල පැත්තට ආවානෙ අර, මේ ජීප් වැඩි ප්‍රමණයක් ඒ අතර තිබුණු බව තමයි ආරංචි හැටියට අපට දැනගන්න ලැබෙන්නෙ. මේවා නිල වශයෙන් ලැබුණු තොරතුරු නෙවෙයි. මේ ජීප් රථ 32 සම්බන්ධව නිසි ක්‍රියාමාර්ගවලට එළඹිලා තිබෙනවා. විදේශගත වී සිටියත් ඉරිදා උදේ පාන්දර වෙනකොට වීඩියෝ එක මම දැක්කා. ඒකෙ තිබුණෙ ඇමති පුතෙක් සමග වාහන මේ විදියට ගිහිල්ලා අනවසරයෙන් මේ කටයුත්ත කළා කියන එක. මම පළවෙනියටම පොලිස්පතිතුමාට කතාකරලා කිව්වෙ කවුරු මේ ක්‍රියාව කළා වුණත් වහාම නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඊළඟට මම කතා කළේ අමාත්‍යාංශ ලේකම්තුමියට, වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාවත් සම්බන්ධ කරගෙන ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග කවුරු හිටියත් ගන්න කියලා. ඊට පස්සේ මම කතා කළේ මගේ පුතාට. ඒ වනවිට ඔහු කිසිදුම ආකාරයේ එහෙම ගමනක් ගිහිල්ලා නෑ. ඔහු ඒ වෙලාවෙත් අධ්‍යන කටයුතුවල හිටියේ. ඊට අමතරව වෙනම ගෙදරින් පරීක්ෂා කරලාත් බැලුවා. කිසිදු ආකාරයක එහෙම ගමනක් ගිහිල්ලා නෑ. ඒ නිසා මම ඉතාමත් වගකීමෙන් කියනවා මගේ පුතා යාලට තියා ගාල්ලටවත් මම ගියාට පස්සේ ගිහිල්ලා නෑ. මතුගමට ඥාති ගෙදරකට ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා හැර කොළඹින් පිට කිසිම දිහාකට ගිහිල්ලා නැතිබව මම හොයලා දැනගත්තා. මේක සම්පූර්ණ අසත්‍යයක්. මේ සමාජ මාධ්‍ය ජාලවල තමා ගොඩක් යන්නෙ මගේ පුතා යාලට ගියා කියලා. මේකෙ කිසිම සත්‍යයක් නෑ”

අමාත්‍යවරයා ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.

එසේම තම පුත්‍රයා මීට සම්බන්ධ බව ඔප්පු කළහොත් තමන් දේශපාලනයෙන් සමුගැනීමට වුවත් සූදානම් බවයි ඒ මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!