*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

උඩ පන්දුවලින් අත හැරුණු තරගයක්

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයේ දී ශ්‍රී ලංකාව වෙතින් ජයග්‍රහණයට තිබුණ ඉඩ උඩ පන්දු හරහා ගිලිහී ගියේය.ඒ අත හැරුණු උඩ පන්දුවලින් උඵරිම ප්‍රයෝජනය ගත් ග්ලේන් පිලිප්ස් පන්දු 64 දී ලකුණු 104 ක් ලබා ගත් අතර නවසීලන්තයේ මුලු ලකුණු ප්‍රමාණය වූයේ 167 කි.ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඇති කළ පීඩනයෙන් මිදෙන්නට උත්සාහ ගනිමින් පිලිපස් එල්ල කළ අවදානම් පහර පන්දු යවන්නන්ගේ අත් අතරින් බේරී බිම පතිත වෙද්දී ඔහු ඊට ප්‍රතිචාර ලෙස උදා වූ වාසනාව ජයග්‍රහණයේ මාවත බවට පෙරැළීය.

පන්දු රැකීම සමස්තයක් වශයෙන් පහළ මට්ටමක තිබුණ අතර නවසීලන්ත පිතිකරුවන් ඒ අවස්ථාවෙන් එකේ ලකුණු විශාල ප්‍රමාණයක් දෙක බවට හරවා ගත්තේ ශ්‍රී ලංකාවට පීඩනය එල්ල කරමින්ය.නෝ බෝල් 3 ක් සහ වයිඩ් පන්දු 5 ක් ලෙස ශ්‍රී ලංකා පන්දු යවන්නන් අමතරව යවන ලද පන්දු අටත් සමඟ ශ්‍රී ලංකාව නවසීලන්තයට පන්දු 128 ක් යැවූ අතර ඉන් හරි අඩකට මුහුණ දුන්නේ පිලිප්ස්ය.අනෙක් අඩට පිලිප්ස්ගේ කඩුල්ල හැර තවත් කඩුලු හයක්ම දැවී ගියේ ලකුණු 63 ට ය.ඒ අනුව පිලිප්ස් දවා ගන්නට තිබුණු අවස්ථා අත හැරීමෙන් ශ්‍රී ලංකාවට සිඳු වූ පාඩුව පැහැදිළි කර ගන්නට අපහසු නැත.

නොතිබි ලකුණු ප්‍රමාණයකට පිවිසෙන්නට අවස්ථාව ලද නවසිලන්තය ගොඩ නැඟූ පීඩනය හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් පස් දෙනෙකුම ලකුණු පූවරුව 24 වෙද්දී පිටියට පැමිණ නැවත ක්‍රිඩාගාරයට ද ගොස් තිබිණ.එතැන් සිට භානුක රාජපක්ෂ ලකුණු වේගය බිඳ වැටෙන්නට නොදී තරගය ඉලක්කය වෙත ගෙන එන්නට ගත් උත්සාහය ඔහු මුහුණ දුන් 22 වන පන්දුවේදී ව්‍යර්ථ වි ගිය අතර භානුක පන්දු 22 ක් තුළ ලකුණු 34 ක් එක් කර තිබිණ.මුළු ශ්‍රී ලංකා ඉණිමේම භානුක හැරුන විට ඉලක්කම් දෙකේ ලකුණු ප්‍රමාණයක් එකතු කර ගත්තේ නායක දසුන් ශානක පමණි.ඔහු පන්දු 32 දී ලකුණු 35 ක් එකතු කර ගන්නට සමත් විය.අවසාන පන්දු ඕවරයේ දෙවන පන්දුවේදී ලහිරු කුමාර ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසාන කඩුල්ල ලෙස දැවී යද්දී නවසීලන්තයට ලකුණු 65 ක ජයක් සහතික කරමින් ශ්‍රී ලංකා ලකුණු පූවරුව තිබුණේ ලකුණු 102 ක් ලෙස ය.
ට්‍රෙන්ට් බෝල්ට් පිලිප්ස් සකස් කළ පීඩනයෙන් ගොඩ එන්නට වෙර දරන පිතිකරුවන් පහසුවෙන් දඩයම් කරමින් ලකුණු 13 ට කඩුලු හතරක්ම දවා ගත්තේය.තරගයේ අභාග්‍ය සම්පන්න ලාංකේය ඉරණම හඳුණාගන්නට පහත සබැඳියෙන් පිවිසි විට හැකියාව ඇත.

https://es.pn/3fir2mZ

ශ්‍රී ලංකාවට ඉදිරි තරග සම්බන්ධයෙන් ජයග්‍රහනය කිරීමේ හැකියාවේ විශාල ප්‍රතිශතයක් රැඳී ඇත්තේ පන්දු රැකීම මතය.දැනටමත් අයිසීසී දත්ත අනව ශ්‍රී ලංකාවෙන් ගිලිහී ඇති උඩ පන්දු ප්‍රමාණය අටක්ය.මේ තත්ත්වය ඉදිරියේදී වහා වෙනස් කර ගැනීම අවශ්‍යය වන්නේය.

ශ්‍රී ලංකාවට මේ දක්වා කිසිඳු ආකාරයක වැස්ස හරස්වීමකින් එක ලකුණක් හිමි වී නැති අතර තරග වැදීමෙන් අත් වූ පරාජයන් දෙකක් හිමිය.මේ තත්ත්වය මත අවසාන පූර්ව වටයට යාමට උත්සාහ කිරීමට හෝ ශ්‍රී ලංකාව අනිවර්යෙන්ම ඉදිරයේ ඇති එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර තරග ජයග්‍රහණය කළ යුතුම වන්නේය.එත් එක් තරගයක් ජයග්‍රහණය කර සහ එක් තරගයක් වැස්ස නිසා අත් හිටුවා සම ලකුනු ලැබුව ද ශ්‍රී ලංකාව ඉතිරි තරග දෙකම ජයගෙන ලබා ගන්නා ලකුණු හා සම වන මට්ටමමේ කණ්ඩායම් තුනක්ම දකින්නට ඇති අතර ඒ නිසා ශ්‍රී ලංකාව ජය ගැනීමේදී හොද දළ ලකුණු වේගයක් ආරක්ෂා කිරීමත් වැදගත් වනු ඇත.
ඡායාරූපයේ සිටින්නේ ලද අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් අගනා ශතකයක් ලබමින් තරගයේ වීරයා වූ ග්ලේන් පිලිප්ස් ශතකය ලබාගත් අවස්ථාවය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan