නොවැම්බර් 02 දිනාගත් දේ විපක්ෂ නායක සජිත් හෙළි කරයි (VIDEO)

Date:

ආණ්ඩුවෙන් වේවා පොලිසියෙන් වේවා අවසර නොගෙන පා ගමන් සහ විරෝධතා පැවැත්වීමට නොහැකි බවට මෙතෙක් කල් තිබූ මතය සහමුලින්ම වෙනස් කිරීමට නොවැම්බර් 02 වනදා විරෝධතාවයේදී හැකිවූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසයි.

රටක ජීවනාලියවන් දරු පරපුර දැනුම, කුසලතාවය මෙන්ම පහසුකම් වලින්ද පරිපූර්ණ කිරීම වගකීමක් බව විශ්වාස කරමින් ඒ උදෙසා වූ තිරසර අරමුණ පෙරදැරිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහනට සමගාමීව 39 වන බස්රථය ගල්ගමුව යූ.බී වන්නිනායක ජාතික පාසලට ඊයේ (03) පරිත්‍යාග කරනු ලැබීය.

නොවැම්බර් 02 වනදා විරෝධතාවය නීතිවිරෝධී බවට පොලීසිය විසින් පෞද්ගලිකව මන්ත්‍රීවරුන්ටත් කාර්යාලයටත් දැනුම් දී තිබූ බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ පිළිබඳව තමන් ඇතුලු කිසිවෙක් මායිම් නොකළ බවත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස යෑමටත් විරෝධතා පැවැත්වීමටත් ඇති මූලික අයිතිවාසිකම රැක ගැනීමට හැකිවීම එහිදී ලද සුවිශාල ජයග්‍රහණයක් බවද පැවසීය.

සමගි ජන බලවේගය යනු මේ රටේ විකල්ප ආණ්ඩුව බව පැවසූ විපක්ෂ නායකවරයා, අද එය විපක්ෂය වුවද හැසිරෙන්නේ වගකීම් සහගතව බව ද අවධාරණය කළේය.

නොවැම්බර් 02 විරෝධතාවයට තමන් සහභාගි වූයේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ අරගලයට පිටුපසින් සිට නොව ඉදිරි පසින් සිටිමින්ම නායකත්වය දිය යුතු නිසා බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...