තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනිය (නම් කළ) අක්තපත්‍ර ලිපියේ විවෘත පිටපත පිළිගන්වයි

Date:

තුර්කි ජනරජයේ ශ්‍රී ලංකා තානාපති එස්. හසන්ති ඌරුගොඩවත්ත දිසානායක මැතිනිය සිය අක්තපත්‍ර  ලිපියේ විවෘත පිටපත් 2022 නොවැම්බර් 02 වැනි දින තුර්කි විදේශ කටයුතු අමාත්‍යංශයේ සන්ධාන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ටන්කා ඕස්කුහාඩර් මහතා වෙත පිළිගැන්වූවා ය. එතුමිය මීට පෙර දින, තානාපති කාර්යාලයේ දී සිය ධුරයේ වැඩ භාරගත්තා ය. 

එස්. හසන්ති ඌරුගොඩවත්ත දිසානායක මැතිනිය ජපානය, ස්වීඩනය, ඉතාලිය, චීනය සහ වියට්නාමය යන රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සේවය කොට ඇත. එතුමිය විදේශ සේවයේ වසර 26 කට අධික පළපුරුද්දක් සහිත වෘත්තීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියකි. එතුමිය මින් පෙර, එනම් 2015 – 2019 කාලය තුළ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස‍ සේවය කළා ය.

එතුමිය කොළඹ සිටිය දී, ආර්ථික කටයුතු, එක්සත් ජාතීන් සහ බහුපාර්ශ්වික කටයුතු, දේශපාලන කටයුතු සහ සන්ධාන කටයුතු ආවරණය වන පරිදි විදේශ කටයුතු අමාත්‍යංශයේ අංශ කිහිපයක සේවය කොට ඇත. එතුමිය, අන්කාරා හි රාජකාරි ආරම්භ කිරීමට පෙර සාගර කටයුතු, පාරිසරික හා දේශගුණික විපර්යාස පිළිබඳ අංශයේ අතිරේක ලේකම්වරිය ලෙස කටයුතු කළා ය.

තානාපතිනිය සහ සන්ධාන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජපානය පිළිබඳ රසවත් සංවාදයක නිරත විය. ඔවුහු දෙපළ මින් පෙර ජපානය තුළ සමගාමීව සේවය කොට ඇත. එමෙන්ම, ඕස්කුහාඩර් මහතා තානාපති වශයෙන් කොළඹ ගත කළ ධුර කාලය තුළ එතුමා හමු වූ අයුරු ද මෙහිදී සිහිපත් කෙරිණි. දෙරට අතර පවත්නා අන්‍යෝන්‍ය පසුබිම, රුචිකත්වයන් සහ අත්දැකීම් අනුව, දෙරටේ සංචාරක ව්‍යාපාරය නංවාළීමට දායක වන පුරාවිද්‍යා පර්යේෂණ, සංරක්ෂණ කටයුතු සහ උරුම කළමනාකරණය සම්බන්ධයෙන් දෙරටට සහයෝගයෙන් කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව ද මෙම සංවාදයේ අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අන්කාරා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...