මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින තිලිණි ප්‍රියමාලි පිළිබඳ විමර්ශනයට අදාළව ප්‍රවීණ සිනමා නිළි සංගීතා වීරරත්න මහත්මියගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබේ.
එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීමක් අනුව ඒ මහත්මිය ඊයේ (07) දිනයේදී එහි පැමිණි අවස්ථාවේදී තිලිණි ප්‍රියමාලි සමග කළ ගනුදෙනු සම්බන්ධයෙන් ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව සඳහන්.
ඊයේ දිනයේදී මෙම විමර්ශනයට අදාළව ප්‍රවීණ සිනමා නළුවකු හා දේශපාලනඥයකු වන ජීවන් කුමාරතුංග මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි.
RN