බංග්ලාදේශයෙන් ආපු විජය කුමාරයාගෙන් පටන් ගමු – පුරවැසිකම ගැන ඩයනා කතා කරයි (VIDEO)

Date:

ද්විත්ව පුරවැසිභාවයක් ගැන කතා කරමින් තමන්ට මඩ නොගසන්නැයි සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

“මට මොන තරම් නිගා කළාද කියලා මාධ්‍ය තුළින් මම දැක්කා. ලැජ්ජයි ඇත්තටම කියන්න. අනිත් එක මේ සුදු පිරුවට ඇඳගත්ත සමහර අය මගේ පුරවැසිභාවය ගැන කතා කරනවා. මේකෙ ඉන්නවාලු තවත් ද්විත්ව පුරවැසියො කියන අය. ඒගොල්ලො ගැන කතාවක් නැත්තෙ ඇයි එහෙනම් ? කතා කරන්න එපා මෙතෙන්ට ඇවිල්ලායි මාධ්‍යවලට ගිහිල්ලායි මේ පුරවැසිකම. අපි මේක ගැන කතා කරන්න ගියොත් අපට කතා කරන්න වෙන්නෙ බංග්ලාදේශයෙන් ආපු විජය කුමාරයා ගැන. එතනින් පටන් ගමු එහෙනම් අපි. බුදු හාමදුරුවෝ කියන්නෙ කවුද ? මට මඩ ගහන්න ලෑස්ති වෙන්න එපා ඔය එක එක්කෙනා. මට කමක් නෑ මඩ ගැහුවාට, මේවා වදින්නෙ නෑ මට. ප්‍රශ්නයක් නෑ ඒවා විසඳාගමු වෙනම. නමුත් මේ රට කරන්න ඉඩදෙන්න”

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ ඊයේ (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දුෂණ හොයන්න විශේෂ විමර්ශන කමිටුවක්!

කොළඹ LNW:2010 - 2025 අතර කාලයේ සීමාසහිත ශ්‍රී ලංකන්...

STARLINK දැන් ශ්‍රී ලංකාවටත්!

සටහන – පුලී ජූලි 02, කොළඹ (LNW): ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන්...