*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

නවතම විගණන වාර්තා පෙන්වා දෙන තොරතුරු

සේවක අර්ථසාධක අරමුදල් ඇතැම් ව්‍යාපෘති වල ආයෝජනය කිරීමෙන් රුපියල් මිලියන ගණනින් පාඩු සිදුව ඇති බව නවතම විගණන වාර්තාවකින් පෙන්වා දෙයි. ඇතැම් ව්‍යාපෘති වලින් කිසිදු ලාභයක් උපයා නැති බව විගණකාධිපති වාර්තාව පෙන්වා දෙයි.

ග්‍රෑන්ඩ් හයිට් කොළඹ ව්‍යාපෘතිය සඳහා මෙලෙස රුපියල් මිලියන 5,000 ක් වැය කර ඇත. එහෙත් මේ දක්වා එම ව්‍යාපෘතීන් කිසිදු ලාභයක් උපයා ගෙන නැති බව විගණකාධිපති වාර්තාව පෙන්වා දෙයි. විගණකාධිපතිවරයා පෙන්වා දෙන නවතම වාර්තාවකට අනුව මෙසේ ව්‍යාපෘතිවල මුදල් ආයෝජනය කිරීමෙන් සිදුවූ අලාභය පිළිබද කරුණු රැසක් අනාවරණය කර තිබේ.

ද ෆිනෑන්ස් සමාගමේ බලපත්‍රය පසුගිය දෙසැම්බර් 31 වන විට අවලංගු වීම හේතුවෙන් එහි ආයෝජනය කළ රුපියල් මිලියන 205 කට අධික මුදලක් අහිමි විය. ලැයිස්තු ගත නොවූ සමාගම්වල කොටස් ආයෝජනය කල රුපියල් මිලියන 5,000 අහිමි වී ඇත. කැන්විල් හෝල්ඩින්ස් හෝටල් සංකීර්ණ ඉදිකිරීම සඳහා 2013 වසරේ දී මෙම මුදල් ආයෝජනය කෙරිණි. මෙම හෝටල් සංකීර්ණය ඉදිකිරීමට අදාලව ග්‍රෑන්ඩ් හයිට් කොළඹ ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2020 වසරේදී යළි ආරම්භ කෙරිණ.

කෙසේ වෙතත් 2021 වසරේ දෙසැම්බර් මස 27 වනදා වන විටත් මෙම හෝටල් සංකීර්ණයේ ඉදිකිරීම අවසන් නොකිරීම හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලට මෙම ව්‍යාපෘතියෙන් කිසිදු ලාභයක් උපයා ගැනීමට නොහැකි විය. අරමුදලේ සමාජිකයන්ට නව හැඳුනුම්පතක් නිකුත් කිරීම සහ නැවත ලියාපදිංචි කිරීමේ පරිගණක ගාස්තු සඳහා කාඩ්පත් 15,000 ක් මිලදී ගැණින. ඒ 2008 වසරේදීය. ඒ සඳහා රුපියල් මිලියන 12.61 ක මුදලක් වියදම් කෙරිණි . කෙසේ වුවද එම කාඩ්පත් මෙතෙක් ප්‍රයෝජනයට ගෙන නැති බව විගණකාධිපති වාර්තාව පෙන්වා දෙයි .

පසුගිය ඔක්තෝබර් මාසයේ දී මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 355.4ක විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබී ඇත. එය පසුගිය වසරට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් මිලියන 38 ක වැඩි වීමක් බවද විගණකාධිපති වාර්තාව පෙන්වා දෙයි.

රෂිකා හෙන්නායක
2022.11.13

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan