*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

COP27 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව ලූලා බලාපොරොත්තුවෙන්;

බ්‍රසීලයේ නව ජනාධිපති වශයෙන් මෑතකදී තේරී පත් වූ වාමවාදී නායක ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වාගේ බලයටපත් වීමත් සමඟ පරිසර කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය බ්‍රසීලය වෙත ලැබී ඇති අතර ලෝක නායකයන් ප්‍රකාශ කර තිබුණේ මේ සම්බන්ධයෙන් බ්‍රසීල රජය සමඟ කටයුතු කිරීමට සූදානම් බවයි.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ හියුමන් රයිට්ස් වොච් විසින් 2022 ඉදිරිපත් කිරීමට අනුව, බොල්සොනාරෝගේ රජය පාරිසරික ආයතන දුර්වල කර, අපරාධ ජාලවල ක්‍රියාවන්ට සහය ලබා දෙමින් සහ වනාන්තර විනාශය වැඩි කර ඇත.

මෙවැනි තත්වයක් තුළ ලූලාගේ ජයග්‍රහණය තීරණය වී නොබෝ දිනකින් නෝර්වේ හා ජර්මනිය නිවේදනය කර තිබුනේ ඇමසන් අරමුදල නැවත අළුත් කිරීමට ඔවුන් තීරණය කළ බවයි. ඒ අනුව වැසි වනාන්තර ආරක්ෂා කිරීමට උපකාර කිරීම සඳහා බහුපාර්ශ්වික යාන්ත්‍රණයක් සහ දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමට වැඩි යමක් කිරීමට ලූලා විසින්ම පොරොන්දු විය. එමෙන්ම ජනාධිපතිවරයා, ස්වදේශික අමාත්‍යාංශයක් සහ විශේෂ දේශගුණික හදිසි ලේකම් කාර්යාලයක් නිර්මාණය කිරීමටත්, බ්‍රසීලයේ ඇමසන් වනාන්තර විනාශය බිංදුවට ගෙන ඒමටත් පොරොන්දු වී තිබේ.

ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ යටතේ, බ්‍රසීලයේ හරිතාගාර වායු විමෝචනය දශක දෙකකට ආසන්න කාලයක් තුළ ඉහළම මට්ටමට පැවැති අතර ඇමසන් වනාන්තරයේ වන විනාශය ද වාර්තාගත ලෙස ඉහළ ගියේය, සහ ආදිවාසී ඉඩම්වල නීති විරෝධී ආක්‍රමණ තුන් ගුණයකින් වැඩි වී තිබේ.

පරිසර වේදීන් මේ පිළිබඳව සඳහන් කරන්නේ ලොව විශාලතම නිවර්තන වැසි වනාන්තරය සහ පස්වන විශාලතම හරිතාගාර වායු විමෝචකය වන බ්‍රසීලයට දේශගුණික විපර්යාස පාලනය කිරීමේදී ප්‍රධාන භූමිකාවක් ඇති බවයි. ඒ අනුව බ්‍රසීලය අභ්‍යන්තරව පාරිසරික ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීමට තෝරා ගන්නා ආකාරය ලොව පුරා බලපෑම් ඇති කරනු ඇති බවයි.

ලූලාගේ පසුගිය නිල කාලය දෙක තුළ වනාන්තර විනාශය සියයට 70 කින් අඩු කිරීමට සමත් වූ අතර ලොව පුරා හරිතම බලශක්ති න්‍යායක් වෙනුවෙන් ආදර්ශයක් වීමට බ්‍රසීලයට හැකි විය. ඒ අනුව COP27 එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුවෙහි ලෝක නායකයන් බ්‍රසීලය වෙනුවෙන් සුභවාදීව සිටින අතර ලූලාගේ පැමිණීම අපේක්ෂා කරනු ඇත.

සශිකලා මධුෂාණී_

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan