*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

2023 අයවැයෙන්..

◾ආර්ථිකයට හා සේවක දෙපාර්ශවයටම ප්‍රතිලාභ ලැබෙන පරිදි නව යාවත්කාලීන කළ තනි කම්කරු නීතියක් බලාත්මක කිරීම.

◾ මධ්‍යසාරවල නිෂ්පාදනවලට අදාළ පරීක්ෂණ කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ නව රසායනාගාරයක් ස්ථාපනය කිරීමට රුපියල් මිලියන 100ක්.

◾විද්‍යුත් මෝටර් රථ මෙරට දී නිෂ්පාදනය කිරීමට පහසුකම් සැලසීම සඳහා යෝජනා.

◾ ත්‍රෛලෝක විජය පත්‍ර බෝගය (ගංජා) අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමේ හැකියාව සොයා බැලීම හා විශේෂඥ කමිටුවක් පත්කිරීම.

◾ විදේශ රැකියා අවස්ථා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරිමට ජාතික තරණ සේවා සභාව වෙත රුපියල් මිලියන 50 ක්.

◾ බන්ධනාගාරගත රැඳවියන්ගේ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 100 ක්.

◾ සෞඛ්‍යමය ගැටලු අඩු කර පවත්නා ළමා පෝෂණ අතිරේක තවදුරටත් ශක්තිමත් කිරීමටත් රුපියල් මිලියන 500ක්.

◾ සමෘද්ධි, වැඩිහිටි, විවිධ හැකියා ඇති පුද්ගලයින්ගේ හා වකුගඩු රෝගීන්ගේ දීමානාවල ප්‍රතිලාභීන්ට ගෙවනු ලබන වැඩි කරන ලද දීමනා අඛණ්ඩව ලබා දීම.

◾ ක්ෂුද්‍ර මූල්‍ය හා ණය දෙනු ලබන ව්‍යාපාරවල පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරියක්.

◾ දේශගුණික විපර්යාස සඳහා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට සැලසුම්. මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 100ක්.

◾ රජයේ රෝහල්වල ගෙවීමේ වාට්ටු ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට යෝජනා (පළමු අදියර ලෙස ජාතික හා මූලික රෝහල්වල).

◾ බදුල්ල, කුරුණෑගල හා පොළොන්නරුව රෝහල් ශික්ෂණ රෝහල් ලෙස උසස් කිරීම.

◾ පානීය ජල බෝතල් සඳහා ආරක්ෂිත මුද්‍රාවක් හඳුන්වා දීමට හා පසුවිපරම් කිරීම.

◾ විදේශ මුලාශ්‍ර සහ රජයේ දායකත්වයෙන් ආගමික ස්ථානවලට සූර්ය පැනල ලබාදීම.

◾ පළාත් සහ ජාතික පාසල්වල සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 200 ක්.

◾ පොල් ඉඩම් කැබලි කිරීම අක්කර 1 ට හෝ ඊට වඩා අඩු පොල් ඉඩම් සඳහා පමණක් සීමා කිරීම.

◾ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 10 ක් ස්ථාපනය කිරීම.

◾ ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී වාහනයකට රුපියල් 100 කට නොඅඩු වාර්ෂික ගාස්තුවක් අය කිරීම මගින් මාර්ග නඩත්තු අරමුදලක් ස්ථාපනය කිරීම.

◾ මත්ත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාවල ධාරිතාවය ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 100 ක්.

◾ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ මාර්ගගත විද්‍යුත් පද්ධතියක්.

◾දුෂ්කර ප්‍රදේශවල පිහිටි ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ද්විතියික පාසල් 1000කට නොමිලේ අන්තර්ජාල පහසුකම්.

◾ විශ්වවිද්‍යාලවල පවත්වන උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය සහ ප්‍රතීතනය පිළිබඳ තහවුරු කිරීමට තත්ත්ව සහ ප්‍රතීතන මණ්ඩලයක්.

◾ ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, කොළඹ හිල්ටන් හෝටලය, වෝටර්ස්එජ් , ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ඒවායේ පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යුහගත කරණය සඳහා පියවර.

◾ විශේෂ කාණ්ඩ හැරැණු කොට සන්නද්ධ හමුදා සාමාජිකයින් සඳහා අවුරුදු 18 ක සේවා කාලයකින් පසු විශ්‍රාම යාමට ඉඩ.

◾ බදු නොගෙවීම හෝ වෙනත් හේතූ මත , ශ්‍රී ලංකා රේගුව මගින් රඳවාගත් වාහන අදාළ බදු හා දඩ ගෙවීමට යටත්ව නිදහස් කිරීම.

◾ ‘බුකීකරු’ යන්නෙහි අර්ථය මාර්ගගත ඔට්ටු ඇල්ලීම් ද ඇතුළත්ව සියලු ආකාරවල ක්‍රීඩා සඳහා ඔට්ටු ලබාගන්නා හා තැනැත්තන් ආවරණය වන පරිදි පුළුල් කිරීම.

◾ 2023/24 අධ්‍යයන වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි දීප ව්‍යාප්ත කුසලතා පදනමෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා ප්‍රතිශතය 40% සිට 50% දක්වා පියවරෙන් පියවර ඉහළ නැංවීම.

◾ දුෂ්කර ප්‍රදේශවල පිහිටි ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ද්විතීයික පාසල් 1000 කට නොමිලේ අන්තර්ජාල පහසුකම්.

◾ සූදු /කැසිනෝ යන්නෙහි අර්ථ නිරූපණයට මාර්ගගත සූදු කැසිනෝ ද ඇතුළත් වන පරිදි පුළුල් කිරීම.

◾ බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම.

◾ පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා පෞද්ගලික දත්ත සැකසීම නියාමනයට දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීම.

◾ බීඩියක් මත රුපියල් 2 ක බද්දක් පැනවීම.

◾ පෞද්ගලික අංශයේ රැකියාවල නිරත වන සේවකයින්ට රැකියා අහිමිවුවහොත් මස 3කට දීමනාවක් ලබා දීමට හැකි රක්ෂණාවරණයක් හා රක්ෂණ අරමුදලක් පිහිටුවීම.

◾ 2022 වසරේ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්නා සිසුන් 75 දෙනෙකුට විදේශ ශිෂ්‍යත්ව ලබා දීම.

◾ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමට යෝජනා. මිලියන 200ක්.

◾ පේරාදෙණිය, රුහුණ, යාපනය විශ්වවිද්‍යාලවලත් වෛද්‍යවරුන් සඳහා පශ්චාත් උපාධි ආරම්භ කිරීම

◾ ජලය මත ලිස්සායාම වැනි ත්‍රාසජනක ක්‍රීඩා ප්‍රවර්ධනය සඳහා යෝජනා.

◾ භාවිත නොකරන ඉඩම් අපනයන භෝග වගාවට ලබා දීමටත්, කෘෂිකාර්මික ඉඩම් බදු දීමට පහසු වන පරිදි නව නීතියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.

◾කුරුඳු කර්මාන්තයේ සංවර්ධනය සඳහා කරන්දෙණිය ප්‍රදේශයට නව දෙපාර්තමේන්තුවක්

◾ සියලු ජාත්‍යන්තර වෙළෙඳ සම්බන්ධතා පිළිබඳ කටයුතු කිරීමට ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපනය කිරීම.

◾ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ආර්ථික බස්නාහිර, වයඹ, පළාත් සහ ත්‍රිකුණාමලය ආශ්‍රිතව නව ආර්ථික කලාප ඇති කිරීම. එක් ආර්ථික කලාපයක් අක්කර 1000ක්

◾ සූර්ය බලශක්තිය නිපදවීමට යොදා ගන්නා පැනල සහ ප්‍රතිවර්තක ආනයනය කිරීමේදී අය කරන වරාය හා සමාජ ආරක්ෂණ බද්ද ලබන ජනවාරි 1 සිට ඉවතට.

◾ අය- වැය 2023 ආර්ථික පරිවර්තනය සඳහා අවශ්‍ය නීති සංශෝධන සහ නව පනත් නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට.

◾ 2023 වසර අග වන විට රාජ්‍ය සේවකයින්ට සහ විශ්‍රාමිකයින්ට සැලකිය යුතු සහනයක් ලබා දීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරනවා – ජනපති

◾ 2023 අය වැය යෝජනා ඔස්සේ 21 වන සියවසේ නව ලෝකයට ගැළපෙන නව ආර්ථිකයක් ගොඩ නැංවීමේ ක්‍රියාවලිය ඇරඹෙන බව ජනපති කියයි.

◾ ආර්ථික ප්‍රතිසංස්කරණය, IMF සමග එකඟතාවයකට පැමිණි ප්‍රතිසංස්කරණවලට සීමා වන්නෙ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කළ ප්‍රතිසංස්කරණ සීමා වන්නේ ආර්ථික ස්ථායීකරණය සඳහා පමණයි- ජනපති

රෂිකා හෙන්නායක
2022.11.15

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan