හිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුව කල්යයි

Date:

ඩිෆෙන්ඩර් රථයකින් තරුණයකු පැහැරගෙන ගොස් සිරකර තබාගෙන වධහිංසාවට ලක් කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුව 2023 ජනවාරි 30 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය අද (16) නියම කළේය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා හමුවේ අද කැඳවූ අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම නඩුවට අදාළ වීඩියෝ සාක්ෂි දෙකක් පැමිණිල්ල විසින් ඉදිරිපත් කිරීමට සූදානම් බවත් එම සාක්ෂිවල අන්තර්ගතය අධ්‍යනය කිරීම සඳහා තමන්ට කාලය අවශ්‍ය බවත් ය.

ඒ අනුව නඩු විභාගය කල්තබන ලෙස නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට විරෝධය පළ කරමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ මෙම නඩුව දැනටමත් වසර 6ක් පමණ ප්‍රමාද වී ඇති බවයි.

කෙසේවෙතත් විත්තියේ ඉල්ලීමට ඉඩදෙමින් නඩුව ජනවාරි 30 වනදා දක්වා කල්තැබූ විනිසුරුවරයා ප්‍රකාශ කළේ මෙසේ නඩුව කල්තබන්නේ අවසන් වතාවට බවත් ජනවාරි 30 වනදාට අනිවාර්යයෙන්ම නඩුව විභාගයට ගන්නා බවත් ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...