බැසිල් රාජපක්ෂ මේ සති අන්තයේ දිවයිනට

ඇමරිකාවට ගොස් සිටින, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මේ සති අන්තයේ යළි මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ඒ මහතා ලබන 20 වනදා යළි මෙරටට පැමිණෙනු ඇති බව සඳහන්.

දැනට අඩපණ වී ඇති පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ශක්තිමත් කරමින් එළඹෙන පළාත් පාලන මැතිවරණයට පක්ෂය සූදානම් කිරීම සඳහා ඒ මහතා මෙසේ ඉක්මනින් දිවයිනට පැමිණෙන බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN