‘නිදහස’ ඉල්ලූ විරෝධතාකරුවන්ට වෙඩි ; ඉරානයේ දෙදෙනෙකු මරුට

Date:

ඉරානයේ සදාචාර පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගිය මහ්සා අමිනීගේ මරණයෙන් ඇවිලුණු පෙළපාලි වලට ඉරාන ආරක්ෂක හමුදාව විසින් කරන ලද වෙඩි තැබීමක් හේතුවෙන් අවම වශයෙන් විරෝධතාකරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

ටෙහෙරානයේ, විඩියෝ දර්ශනවලට අනුව, විරෝධතාකරුවන් සනාට් චතුරශ්‍රයේ ප්‍රධාන වටරවුමක් අවහිර කරමින් ‘නිදහස’ වෙනුවෙන් කෑගසද්දී, බන්ඩාර් අබ්බාස් සහ ෂිරාස් ඇතුළු අනෙකුත් නගරවල වීදිවලට ​​ජනකාය ගලා ආ අතර එහිදී කාන්තාවන් තම හිස්වැසුම් හිසට ඉහළින් ඔසවමින් සිය විරෝධතාවය දැක්වූ අතර රාත්‍රිය වන විටත් විරෝධතාකරුවන් අගනුවර වීදිවලට ​​පැමිණි අතර, ඔවුන්ගෙන් සමහරක් ගිනිදැල් වටා රැස් වී “ඒකාධිපතියාට මරණය” යැයි ගායනා කළහ.

මේ වන විට ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පාලනය නෙරපා දැමීම වෙනුවෙන් කාන්තාවන් , තරුණියන් , මානව හිමිකම්, කණන්ඩායම් පවතින පාලනයට විරුද්ධ සියලුම කණ්ඩායම්, කම්කරුවන්, විශ්ව විද්‍යාල සිසුන් ආදී සියලුම දෙනා එක්ව මෙම විරෝධතා ගෙන යමින් තිබේ. ඔවුන් ප්‍රකාශ කරන්නේ මේ වසර ලේ වැකි වසරක් බවයි.

1500tasvir විසින් ප්‍රකාශයට පත් කරන ලද වීඩියෝ පටයක වයඹදිග Tabriz නගරයේ ඉස්ලාමීය අසාද් විශ්ව විද්‍යාලයේ පිරිමි සහ ගැහැණු සිසුන්බ “කාන්තාව, ජීවිතය, නිදහස” සහ “මිනිසා, නිජබිම, සමෘද්ධිය”, පිළිබඳ ගායනා කරනු දක්නට ලැබේ.

නෝර්වේහි අයිතිවාදිකම් කණ්ඩායමක් වන අයිතිවාසිකම් කණ්ඩායමක් වන හෙන්ගාව් (AFP) ප්‍රකාශ කර තිබුණේ සනන්දාජ්, කම්යාරන් සහ කර්මන්ෂා වැනි කැරලි ඇති වූ බොහෝ නගරවල රජයේ හමුදා සෘජුවම විරෝධතාකරුවන්ට වෙඩි තැබූ බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ඉරානයෙන් ඉල්ලා සිටියේ සාමකාමී පෙළපාලිවලට සහභාගී වීම නිසා අත්අඩංගුවට ගෙන සිටින දහස් ගණනක් ජනතාව වහාම නිදහස් කරන ලෙසයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ ප්‍රකාශක ජෙරමි ලෝරන්ස් ජිනීවාහි වාර්තාකරුවන්ට පවසා තිබුණේ නීත්‍යානුකූල දුක්ගැනවිලි පිළිබඳ සංවාදයට ඉඩක් විවෘත කරනවා වෙනුවට, බලධාරීන් මර්දනකාරී ලෙස විරෝධතාවලට ප්‍රතිචාර දැක්වීම දැඩි පියවරක් බවයි.

ඔස්ලෝ පදනම් කරගත් ඉරාන මානව හිමිකම් සංවිධානය සෙනසුරාදා ප්‍රකාශ කළේ, දැනට පවතින විරෝධතාවලට එරෙහි මර්දනයේදී ආරක්ෂක හමුදා විසින් ළමුන් 43 ක් සහ කාන්තාවන් 25 ක් ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 326 දෙනෙකු ඝාතනය කර ඇති බවයි.

කෙසේ නමුත් බලධාරීන් විසින් මාරාන්තික බලය යොදවමින් සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ නීතීඥයින් අත්අඩංගුවට ගැනීමේ ව්‍යාපාරයක් අරඹා තිබියදීත්, විරෝධතාවයන් පහව යන ලකුණක් මේ වන තෙක් පෙනෙන්නට නම් නැත.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැංගිලා හිටපු තුසිත හල්ලොලුව අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු...

ජාතික සතොස සහල් – ඇමති වසන්තගෙන් අලුත් වැඩක් !

සටහන - රුවන් නෙළුගොල්ල "ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම්...

අරුණ පත්තරේ නිරෝෂා වාසල CIDයට කැඳවයි !

"අරුණ" පුවත්පතේ මාධ්‍යවේදිනී නිරෝෂා වාසලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

බහරේන් යන යොවුන් කණ්ඩායමට තහනම් අඩවි පෙන්නා දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව...