*
Friday, November 22, 2024
spot_img

Latest Posts

හිරුණිකාගේ ඒකපුද්ගල රංගනය …

හිරුණිකා දේශපාලනයට එන්නේ මිය ගිය තාත්තාගේ රැස් වලල්ලත් එක්ක. ඇය දේශපාලන කරළියේ මතුවෙන්නේ තරුණ ප්‍රභූ චරිතයක් විදියට. ඊළඟට ඇය දුවක් විදියට මියගිය තාත්තාගේ යුක්තිය වෙනුවෙන් ඝාතකයන්ට ඳඬුවම් ලබාදීමට ඇපකැප උන ආකාරය නිසා ගොඩක් දෙනෙක් අතර ඇය ජනප්‍රිය උනා.

ඩිෆෙන්ඩර් කතන්දර සහ සිරස වැඩසටහන් හරහා ඇය වරින්වර මතුවෙවී යට ගියත් ප්‍රධාන ලෙස ඇය මෙවර කරළියට එන්නේ ගෝඨාබය පලවාහැරීමේ සටන ආරම්බයේ ජනාධිපතිගේ නිවස ඉදිරියට තවත් කාන්තාවන් පිරිසක් සමඟ ඇය ගොස් කරනලද උත්ඝෝසනය හරහාය. එතැන් සිට ගෝඨා පලවාහැරීමේ සටනේ බොහෝ තැන්වල ඇයගේ උද්වේගකර ජවනිකා අපට දැකගත හැකිවිය.

ඇය අරගලයට පැමිණි තැන්වල ඇය අරගලයට සහබාගී වූයේ ඇගේ පුද්ගලික ආරක්ෂකයින්ද සමඟිනි.
බොහෝ තැන්වල ඇය අත් අඩංගුවට පත්වීමෙන් වැලකුනේද ඈ යම් ප්‍රභූ කුළකයකට අයත්ව තිබීම නිසාය. එසේ නොවන්නට ඇගේ අරගල හැසිරීම පෙරටුගාමී හෝ ජ.වි.පෙ. ක්‍රියාකාරිකයෙකු විසින් හෝ ක්‍රියාවට නංවා තිබුනේනම් ඔවුන් මේවන විටත් සිටිය යුත්තේ D.O. වැදී තංගල්ල බන්ධනාගාරයේය.

හිරුණිකා ප්‍රභූ පවුලක චරිතයක් ලෙස පෙනෙන්නට තිබුනද ඇයගේ වාග් විලාශය හා ඇතැම් හැසිරීම් වලින් පෙනෙන්නට තිබුනේ කොළොන්නාව වතු ආශ්‍රිතව වෙසෙන අවවරප්‍රසාදිත ජනයාගේ බාෂාව ද හිරුණිකා සතුව පවතින බවය. ඇතැම්විට කොළොන්නාව ආසනයේ ඇගේ පියාගේ දේශපාලනයට අදාලව පියා ඇසුරු කෙරූ අයගේ ආබාෂය කුඩාකල සිටම ඇයටද ලැබෙන්නට ඇත. ඇතැම්විට ඒනිසා හෝ මෑතකදී ඇවිළුන උද්වේගකර ලුම්පන් සටන්වලට හිරුණිකාගේ සියළු ශෛල්‍යයන් මනාව පෑහින.

ඇත්තෙන්ම හිරුණිකා අරලයට ඇගේ ආත්මයෙන්ම සම්බන්ද උනාට වඩා මෙහිදී උනේ ඇගේ අළංකාර රූපය, ප්‍රභූත්වය, මුඛරිබව, අරගලය තුල ආයෝජනය වීමය. මන්ද අරගලය තුලින් හිරුණිකාට ලබාගත යුතුවූ එකම දෙය ඊළඟ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට යාමට අවශ්‍ය මනාප ප්‍රමාණය පමණි. හේතුව මේ මහා ආර්ථිකය අර්බූදයෙන් පීඩිතයන්ට දැනෙන කිසිදු පීඩාවක් අහේනියක් ඒ ආකාරයෙන් හිරුණිකාට නොදැනෙන බැවින්.

මෙහිදී අප සඳහන් කල යුතු මෙයටම සමාන තවත් චරිත කතාවක් නම් අරගල සමයේ දිනපතා කළුපටි බැඳගෙන සටන්පාඨ කියමින් මාධ්‍ය තුල පෙනී සිටි දමිතා අබේරත්න මීට දින දෙකකට පෙර වීඩියෝවක පෙනීසිටිමින් කියා සිටියේ අරගල කාලයේදී අවුවේ සිටීම නිසා ඇගේ සම මතුපිට ඇතිව ඇති “බ්ලැක් පැච්” දැන් ඇයගේ ප්‍රධානම ගැඨළුව වී ඇති බවය. ඇත්තෙන්ම මෙවන් බොහෝ චරිතවලට අනුව අරගලකිරීම යනු ජනප්‍රියත්වය ආයෝජන කර නැවත එමෙන් කීපගුණයක් ආපසු ලබාගැනීම සඳහා දරණ ආවස්ථික පිරිවැයක් පමණි.

ඒ කෙසේ වෙතත් මෙහිදී එළියට ආපු හිරුණිකා කියන චරිතය සතු යතාර්ථය නම් මනාප දේශපාලනයට අවශ්‍ය රූපය, ධනය, මුඛරිබව හිරුණිකාට උපතින්ම නොඅඩුව පිහිටා තිබුනත් ඇයට අරගලයක් මෙහෙයවීමට අවශ්‍ය පරිනතබව හා මෙවන් අර්බූදයකින් රට ගොඩගැනීමට අවශ්‍ය දේශපාලන විඥ්ඥානය ඇය සතුව නැතිබවයි.

තමා විසින් කරන ලද කුඩා සටනක් අහඹුලෙස උත්කර්ෂයට නැංවීම නිසා සියල්ලේ කේන්ද්‍රය තමා යැයි ස්වයං මෝහනයකට පත්වෙන්නේ මේ තත්වය තුලය. ඒ තත්වය තුල තමා අරගලයේ බරපතල භූමිකාවක් යැයි වරදවා වටහා ගත් ඇගේ බොහෝ මෑත හැසිරීම් තුල විහිළු සහගත ඕවර් ඇක්ටිං කොටස්ද දක්නට තිබින.

ඇත්තෙන්ම අරගලයකදී බැරියර් පෙරලීම, ගේට්ටු පෙරලීම, පොලිස් නිලධාරීන්ගේ කොලරයේ එල්ලී බෙරිහන් දීම වැනි කාර්‍ය්යන් හී යෙදෙන්නේ ආර්ථික අර්බූදයෙන් හුස්ම හිරවූ මිනිසුන්ය. වඩා පළල මනසක් හිමි දේශපාලන නායකත්වයකට මෙහිදී ඇත්තේ වෙනත් වැඩකොටසකි. එනම් අරගලයේ විබවයන් අධ්‍යයනය කිරීම සහ අරගලය නිවැරදි දිශාවකට මෙහෙයවීම සහ අරගලයට අවශ්‍ය බුද්ධිමය දායකත්වය ලබාදීම වැනි කාරණාවන්ය.

මෙහිදී හිරුණිකාගේ භූමිකාව ගැන සැලකිලිමත් වීමේදී අපට පෙනී යන්නේ ඇයට එවන් පළල් දේශපාලන පරිඡයක් නැති බවත් ඇය කලේ නොමේරූ ළමයෙකුසේ එහෙ මෙහෙ දුවමින් දාඩිය පිස දමමින් යටිගිරියෙන් බෙරිහන් දෙමින් ලාබෙට මනාප එකතුකර ගැනීමේ රංගනයක නිරතවීම පමණි.

වැඩිහිටියන්ගේ අවදානය දිනාගැනීම සඳහා ළමයෙකු කරන රඟපෑම් හා සමාන හිරුණිකාගේ හැසිරීම් තරමට නොමේරූ තත්වයට නොවැටුන ද ලංකාවේ බොහෝ විපක්ෂ දෙපාලකයන්ගේ මේ මොහොතේ හැසිරීමද හිරුණිකාගේ හැසිරීමට සමානවේ. මන්ද පක්ෂ විපක්ෂ සියල්ලෝම එක්ව නිර්මාණය කරන ලද ව්‍යාසනයේ විපක්ෂ දේශපාලකයන් පමණක් දැන් ශුද්දවූ ගැලවුම් කාරයන් වී ඇත.

රට පාලනය කල වුන්ගේ වැරදි හා දූෂිත ආර්ථික කලමණාකරනයත් රට පාලනය නොකලවුන්ගේ රටට ආයෝජනවලට පැමිණීමට ඉඩ නොදුන් මැටිමෝල් ජාතික චින්තනයත් රට මෙවන් අඳුරු අගාදයකට ඇදවැටීමට ඝෘජුවම හේතුවිය.

මෙතෙක් රට පාලනය නොකලවුන් කලේ පාලනය කලවුන්ට බැනවදිමින් “අපිට දෙන්ට අපි කරලා පෙන්නන්නම්” ශොලෝකය කියමින් මිනිසුන්ට රට හදන දේශීය ආර්ථික මැජික් බෝල පෙන්වමින් පිටින් ආපු ආයොජකයින් කිහිපදෙනාත් විරෝධතා බෝඩ් පෙන්වා ආපසු හරවා යැවීම හරහා මේ කෙලවීමට අවශ්‍ය පාරකපා දීම පමණි.

ඒ කෙසේ වෙතත් දෙදාස් විසිදෙකේ අප්‍රේල් මස ආරම්බවූ ඒ ඓතිහාසික අරගලය මින් ඉදිරියට බාල ටෙලි වේදිකාවක් බවට පත්කරගනිමින් අරගලය කොමඩියක් නොකර මේ ඒකපුද්ගල රංගනය දැන්හෝ නවතාදමා මනාප එකතුකිරීම සඳහා වෙනත් මාවතක් සාදාගන්නා ලෙස දේශපාලනය තේරෙන කවුරුන් විසින් හෝ හිරුණිකා මැතිනියට අවබෝධ කරදෙන්නේ නම් මැනවි.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan