උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ දියණිය ප්‍රසිද්ධියේ පෙනී සිටියි.

Date:

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ දියණිය ප්‍රථම වරට ඊයේ (18) දිනයේදී ප්‍රසිද්ධියේ පෙනී සිටිබව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ ඒජන්සිය විසින් වාර්තා කර තිබේ.


උතුරු කොරියාව සිකුරාදා(18) ප්‍යොංයැං ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කිලෝමීටර් 999.2 රින් පියාසර කරන නව ආකාරයේ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අතුහදා ලබනු ලැබූ අතර එම අවස්ථාවට කිම්ගේ දියණිය පැමිණ සිටි බව වාර්තා වූ අ.ර ඇය ජූ ඒ ලෙස හඳුන්වා තිබේ.


රාජ්‍ය ඒජන්සිය විසින් බෙදාගත් පින්තූරවල දැක්වෙන්නේ දියණිය කිම්ගේ අත අල්ලාගෙන හමුදා දෘඩාංග දෙස බලන ආකාරයයි.

කිම් ජෝන් උන්ගේ බිරිඳ රී 2018වසරේදී මාධ්‍ය විසින් හඳුන්වා දෙනු ලැබෙුවේ ගෞරවනීය ජනාධිපති ආර්යාව වශයෙනි. දකුණු කොරියාවේ ජාතික බුද්ධි සේවයට (NIS) අනුව කිම් සහ රීට දරුවන් තිදෙනෙක් සිටින බව වාර්තා වේ.


හිටපු පැසිපන්දු තරුවක් වන ඩෙනිස් රොඩ්මන් බ්‍රිතාන්‍ය ගාඩියන් පුවත්පතට වාර්තා කර තිබුණේ කිම් ජෝන් උන් වඩාත් හොඳ පියෙකු බවත්, ඔහු සිය පවුලේ අයත් සමඟ කාලය ගත කරන බවත්ය.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...