වැඩේ දැන් මෙසීලාට ලේසි නැත

Date:

ලෝක කුසලාන තරගාවලියේ ආර්ජන්ටිනාව සවුදි අරාබිය ඉදිරියේ ලද 2-1 පරාජයත් සමඟ සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසි ඇතුළු ආජන්ටිනා කණ්ඩායම සම්බන්ධයෙන් සූරතාවය දිනා ගනු ඇතැයි තිබූ බලාපොරොත්තුව නොව සිය කාණ්ඩයෙන් ඊළඟ වටයට සුදුසුකම් ලබන කණ්ඩායමක් වන්නට ඔවුන්ට හැකි වේද යන්නත් ගැටළුකාරී තත්ත්වයක්ව ඇත.ඊයේ එම කාණ්ඩයේ කණ්ඩායම් හතරම තරග වැදිණ.ඒ කණ්ඩායම් හතරෙන් එකම පරාජය විඳි කණ්ඩායම සේ ලකුණු සටහනේ එකඳු ලකුණක්වත් නැති කණ්ඩායම බවට ආජෙන්ටිනාව අන්තිමයාව සිටියි.
පෝලන්තය සහ මෙක්සිකෝ අතර තරගයේ කණ්ඩායම් දෙකම සමව 0-0 ක් සේ අවසන් වූ අතර ආජෙන්ටිනාවට විශේෂයෙන් එම කණ්ඩායම් දෙක සමඟ පහසු වනු නැත.මෙසීලාට මෙක්සිකෝවේ නායක ජ්‍යෙෂ්ඨ පාපන්දු ක්‍රීඩක දැල් රකින ගලිමෝර් ඔකෝහා අභිබවා යාම පහසු නොවනු ඇත.පෝලන්ත තරගයේදී ඔවුන්ගේ වැඩිම ගෝල්ලාභියා වන ලෙවන්ඩෝස්කි රොබට් ගේ නිදහස් පහර සහ තවත් අවස්ථා ගණනාවකදීම ඔහු පෙන් වූ කුසලතාවය අති විශිෂ්ඨ මට්ටමක තිබිණ.
මෙවර විනිසුරු සහයට ඇති තාක්ෂණය උපකාර කර ගැනීම විනිසුරුවන් වෙතින් දකින්නට ලැබෙන අතර ඒනිසාම ස්වීය වෘත්තීය ගෞරවය වෙනුවෙන් තාක්ෂණයට නොපරිදින මට්ටමට දෑස්වල තීරණ ද ඉහළ දමා ගැනීමට කටයුතු කර ඇති බවක් පෙනෙන්නට ඇත.මේ නිසා දැඩි බවක් විනිසුරුවල තීරණවල පෙනෙන්ට ඇති අතර ආජන්ටිනා තරගයේදී එම තාක්ෂණයද පිහිටට ගෙන ඕෆ් සයිඩ් ගෝල් තුනක් වාර්තා වීම දකින්නට ලැබිණ.නමුත් තරගය ආරම්භ වී විනාඩි 10 ක් ගෙවෙන තැනම ලයනල් මෙසී ගේ වටිනා පාදය සවුදි අරාබි දැල් රකින්නා අභිබවා යාමෙන් පසු ඔවුන් තරගය පහසුවෙන් ජය ගත හැකිය යන්නෙහි තිබූ විශ්වාසය තවත් සැහැල්ලු විණි.එම සැහැල්ලුවම පෙරළා පීඩනයකට පෙරළන්නට සමත් වූ ෂලේ අල්ෂෙහරි 48 වන විනාඩියේදී සහ 53 වන විනාඩියේදී සලෙම් අල්දව්සාරි දෙවරක්ම ආජන්ටිනා දැල ආක්‍රමණය කරමින් ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.
මෙක්සිකෝව සහ පෝලන්තය අතර තරගය මෙන්ම ඊයෙ පැවති ඩෙන්මාර්ක් සහ ටියුනීසියා තරගය ද වැටුණේ ජය පරාජය නොවිසඳුණ තරගයක් ලෙස ය.එහිදි ද කණ්ඩායම් දෙකටම ගෝල ලබා ගන්නට නොහැකි විය.තරගාවලියේ තෙවන දිනය නිමාවන විට මෙවර තරගාවලියේ තරග තුනකම ප්‍රතිපලය ජය පරාජයෙන් තොර වන මට්ටමට එකිනෙකා අතර තරගකාරීත්වය ඉහළ යාමෙන් සමාන තත්ත්වයකට වැටී ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ...

රනිල්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පැය බාගයකට කල් තබයි

අත් අඩංගුවට ගන්නා ලද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම...

රනිල්ගේ ඇප අයදුම්පත තවදුරටත් සලකා බලමින් ….

නිවැරදි කිරීමයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප අයදුම්පත...