දරුවන් අතර ලාදුරු රෝගය ව්‍යාප්තවීමේ අවදානමක්…

Date:

මෙරටින් ළමා ලාදුරු රෝගින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග පසුගිය කාලය තුළ ලාදුරු රෝගීන් හඳුනාගැනීම අවම මට්ටමක පැවති බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේය.

ඒ අනුව පසුගිය වසරේ සිට මේ දක්වා කාලය තුළ ළමා ලාදුරු රෝගීන් 250 දෙනෙක් පමණ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හඳුනාගෙන තිබේ.

ඒ අතරින් වැඩි දෙනෙකු මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව ද විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා,

“2021 සහ 2022 වසරේ මේ දක්වා ළමා ලාදුරු රෝගීන්, ඒ කියන්නේ වසර 14ට වඩා අඩු වයසේ ඇති රෝගීන් 250 දෙනෙක් පමණ අප රට තුළ වාර්තා වුණා. මෙය ප්‍රතිශතයක් ලෙස ගත්තහම අපිට හමුවන ලාදුරු රෝගීන්ගෙන් 14%ක් පමණ වෙනවා. ඇතැම් දිස්ත්‍රික්කවල මේ අගය ඉතා වැඩි අගයක් ගන්නවා. උදාහරණයක් ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ 25%ක් පමණ ළමා ලාදුරු රෝගීන්. මේ ළමා ලාදුරු රෝගීන් වැඩියි කියන එකෙන් අදහස් කරන්නේ, රෝගීන් හඳුනාගැනීම වැඩියි. ඇත්ත වශයෙන්ම ඒකට හේතුව තමා පසුගිය වසර 3 තුළ ලාදුරු රෝගීන් හඳුනාගැනීමේ අඩුවක් සිදුවුණා කොවිඩ් වසංගත තත්ත්වය සමග. අපි ඉල්ලා සිටිනවා ජනතාවගෙන් දරුවන්ගේ, ලාදුරු රෝගයේ මුලික ලක්ෂණයක් වන සමේ පැහැයට වඩා අඩු පැහැයෙන් යුතු ලපයක් හෝ ඒ ලපවල දැනීමේ අඩුවක් වුණොත් හරි අතපය හිරිවැටීමක් වගේ ගතියක් තිබුණොත් ළඟම තියෙන සමේ රෝග සායනයට යන්න. එතැන දී ඔබේ දරුවාට ලාදුරු ද නැද්ද කියලා හොයා ගන්න පුළුවන්.”

ආදරණීය දෙමාපියනි, තම රාජකාරී බහුල වුවද මේ පිළිබඳව ද ඉතා සැලකිලිමත් විය යුතුය . මන්ද ඔබගේ දරුවන්ගේ ආරක්ෂාව සහ ඔවුන් රෝගාබාධ වලින් වලක්වා ගැනීමේ ඍජු වගකීම රැදී තිබෙනුයේ ඔබ තුළය. සැලකිලිමත් වුවහොත් බොහෝ රෝගයන්ගේ ගොඳුරක් නොවී සිටීමට හැකිවනු ඇත.

රෂිකා හෙන්නායක
2022.11.23

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...

පන්දු ඕවර් අඩු වෙයි – ලකුණු මදි වෙයි – ශ්‍රී ලංකාව ඉවතට වීසි වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ආසියානු කුසලාන පන්දු ඕවර්...

ලෝක බැංකුවෙන් මෙරටට තවත් වටිනා අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW ලෝක බැංකුව...

ස්ව්භාවික ව්‍යසනය සමඟ රටේ ආර්ථික වර්ධනයට සිදුවන්නේ කුමක්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...