දේශීය පුවත් විස්තරය: සාරාංශය 11/23

Date:

1. ශ්‍රී ලංකාවේ සංවර්ධනය වැළැක්වීම සඳහා දේශීය හා විදේශීය බලවේග සංවිධානාත්මක න්‍යාය පත්‍රයකට අනුව ක්‍රියා කරන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චෝදනා කරයි – මෙම ප්‍රයත්නයන් දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක වන බවත්, මෙම කුමන්ත්‍රණ හේතුවෙන් ආර්ථිකයට බොහෝ අවස්ථාවල හානි සිදුව ඇති බව ද පවසයි – යහපාලන රජය සිය පාලන කාලය තුළ දැවැන්ත විදේශ විනිමය ණය ප්‍රමාණයක් ගැනීම සම්බන්ධයෙන් ද දෝෂාරෝපණය කරයි.

2. මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ආර්ථිකය හකුලමින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි – එය ජන ජීවිතයට නරක අයුරින් බලපා ඇතැයි අවධාරණය කරයි – නන්දලාල් වීරසිංහ, ආර්ථික අර්බුදයට ඇති එකම විසඳුම ආර්ථිකය හැකිලීම බව විශ්වාස කරමින් කටයුතුකරන බවට ද චෝදනා කරයි.

3. සාමාන්‍ය ඇඳුමින් සැරසී පාසල් පැමිණි ගුරුවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර ප්‍රකාශ කරයි – පාසල් පද්ධතියේ සංස්කෘතිය, සදාචාරය සහ පැවැත්ම වෙනස් කිරීමට ඉඩ නොතැබිය යුතු බව පවසමින් අනතුරු අඟවයි.

4. 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සියල්ලන්ගෙම “ඇස් සේදීමක්” බව දෙමළ ජාතික සන්ධානයේ පා.ම. එම් ඒ සුමන්දිරන් පවසයි! – ඒ හරහා පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපතිවරයාගේ බලතල කිසිවක් ඉවත් කර නොමැති බව ද ප්‍රකාශ කරයි.

5. පසුගිය මාස 06 තුළ නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපතිවරයා යටතේ රුපියල “ස්ථාවර” කර ඇති බවත්, තම ධුරකාලයේ දී වැඩි කොටසක සිදු කළේ ද එයම බවත් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කරයි – එහෙත් වත්මන් අධිපතිවරයා රුපියල “ස්ථාවර” කර ඇත්තේ ඉතා ඉහළ අගයට බව පෙන්වා දෙන හිටපු මහ බැංකු අධිපතිවරයා, රුපියලේ අගය ඉතා අඩු අගයකට “ස්ථාවර” කරන මෙන් ඉල්ලා සිටී – මහබැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත වහා අඩු කරන ලෙස ද ඉල්ලා සිටී.

6. ළමා මන්දපෝෂණය පිළිබඳ කරුණු හෙළිදරව් කළ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් වෘත්තීය සංගමයේ (Medical and Civil Rights Professional Association) සභාපති වෛද්‍ය චමල් සංජීවගේ සේවය අත්හිටුවීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම සෞඛ්‍ය ලේකම්වරයාගෙන් වාර්තාවක් ඉල්ලා සිටී!

7. සංචාරක වීසා මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ ඕමානයට යන පුද්ගලයන් නිල වශයෙන් ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකාව විසින් නතර කර ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ප්‍රකාශ කරයි.

8. 2023 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 37කින් සම්මත වේ! – මන්ත්‍රීවරුන් 121ක් පක්ෂව ඡන්දය ලබා දී ඇත – විපක්ෂව ජන්ද 84ක් ලබා දී ඇත – සී.වී.විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී ඇත.

9. දැනට රට තුළ ඖෂධ 152 ක හිඟයක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිගනී! – ඉන්දීය රජය සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් සපයනු ලබන ණය පහසුකම් හරහා ඖෂධ මිලදී ගැනීමේදී අනුගමනය කළ යුතු දීර්ඝ ක්‍රියාවලිය හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුව ඇති බව ද පවසයි.

10. මැතිවරණය කල් දැමීමේ රජයේ උත්සාහයට මැතිවරණ කොමිසම සහාය දෙන්නේ දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ස්වාධීන” පා.ම. මහාචාර්ය ජී එල් පීරිස්ගෙන් පැණයක්! – නියමිත පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන කුමන්ත්‍රණ කරන බවට ද චෝදනා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...